
(කැළුම් බණ්ඩාර)
ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ.
එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී අතහැර දැමීම නිසා එම යෝජනාව පිළිබඳව ජපානය සලකා නොබලන බවත් එය සලකා බැලීමට නම් නව ව්‍යාපෘතියක් ලෙස නැවත ඉදිරිපත් කළ යුතු බවත් ජපානය පවසා ඇතැයි දැනගන්නට තිබේ.
නව ව්‍යාපෘතියක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවට ඇති ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව ජපානය තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත සෙසු ජපාන ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපාන රජය එකගතාව පළකර ඇති අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ද ඒ අතර වේ.
ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය මෙරටට පැමිණ කළ සාකච්ඡාවලදී එම ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මේ පොහොට්ටු කාලකණ්ණි ඡන්දේත් ඉල්ලනවානේ තව පාරක් රට කන්න
ගෝඨාභය එළවා දැමීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව පෙනේ. සැහැල්ලු දුම් රිය ව්‍යාපෘතිය අතහැර දැමිය හැක්කක් නොවේ. ඒ දේ යළි කළ හැක්කේ රනිල් සමග චම්පික සහ හර්ෂ වැනි පුද්ගලයින්ටයි. අප බලාපොරොත්තු අත්හැර දැමිය යුතු නැත...
මේ වගේ අය ඉන්නකම් මේ රට ගොඩනගනවා බොරු....
සැහැල්ලු දුම්රිය, කොළඹ ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආදී රටට අවශ්‍ය සහ ප්‍රයෝජනවත් වැඩ රාශියක් හමස් පෙට්ටියට දැමූ වැඩ බැරි, මිස්ටර් ෆේල් ජනාධිපතිකම අත්හැර පලා ගියාට, මෙවැනි ව්‍යාපෘති කිසිවක් වැට උඩ, කොට උඩ නොතබා ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් යළි පණ ගන්වා ජනතා අයිතියට පැවරීම රජයේ පරම යුතුකම විය යුතුය !!!
කාලකන්නි පවුලක් රටකට කළ හානිය..... කට්ටියක් ඔවුන් පස්සේ තවමත් එල්ලීගෙන ඉන්න එක තමා පුදුම සහගත කතාව.
ජේ ආර් යලි ඉපදුණොත් ජපානෙන් අපට ඕක දෙනවා නොමිලේ. ඒ වුණාට ජේ.ආර් ගේ බෑනාට දෙන්නේ නෑ. නිමල් සිරිපාල කැබිනට් එකෙන් ඉවත් කළොත් නම් සලකා බලයි.