IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

(කැළුම් බණ්ඩාර)

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ.

එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී අතහැර දැමීම නිසා එම යෝජනාව පිළිබඳව ජපානය සලකා නොබලන බවත් එය සලකා බැලීමට නම් නව ව්‍යාපෘතියක් ලෙස නැවත ඉදිරිපත් කළ යුතු බවත් ජපානය පවසා ඇතැයි දැනගන්නට තිබේ.

නව ව්‍යාපෘතියක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවට ඇති ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව ජපානය තීරණයක් ගැනීමට නියමිතය.

  මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත සෙසු ජපාන ව්‍යාපෘති ආරම්භ කිරීමට ජපාන රජය එකගතාව පළකර ඇති අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ද ඒ අතර වේ.

ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය මෙරටට පැමිණ කළ සාකච්ඡාවලදී එම ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර තිබේ.



අදහස් (6)

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ranjith Monday, 06 May 2024 06:31 AM

තව මේ පොහොට්ටු කාලකණ්ණි ඡන්දේත් ඉල්ලනවානේ තව පාරක් රට කන්න

:       4       14

සපුමල් Monday, 06 May 2024 08:17 AM

ගෝඨාභය එළවා දැමීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව පෙනේ. සැහැල්ලු දුම්‍ රිය ව්‍යාපෘතිය අතහැර දැමිය හැක්කක් නොවේ. ඒ දේ යළි කළ හැක්කේ රනිල් සමග චම්පික සහ හර්ෂ වැනි පුද්ගලයින්ටයි. අප බලාපොරොත්තු අත්හැර දැමිය යුතු නැත​...

:       16       9

Rohana Monday, 06 May 2024 10:40 AM

මේ වගේ අය ඉන්නකම් මේ රට ගොඩනගනවා බොරු....

:       5       12

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 06 May 2024 02:22 PM

සැහැල්ලු දුම්රිය, කොළඹ ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආදී රටට අවශ්‍ය සහ ප්‍රයෝජනවත් වැඩ රාශියක් හමස් පෙට්ටියට දැමූ වැඩ බැරි, මිස්ටර් ෆේල් ජනාධිපතිකම අත්හැර පලා ගියාට, මෙවැනි ව්‍යාපෘති කිසිවක් වැට උඩ, කොට උඩ නොතබා ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් යළි පණ ගන්වා ජනතා අයිතියට පැවරීම රජයේ පරම යුතුකම විය යුතුය !!!

:       1       11

Lalla Monday, 06 May 2024 03:42 PM

කාලකන්නි පවුලක් රටකට කළ හානිය..... කට්ටියක් ඔවුන් පස්සේ තවමත් එල්ලීගෙන ඉන්න එක තමා පුදුම සහගත කතාව.

:       0       12

Bandara Monday, 06 May 2024 09:26 PM

ජේ ආර් යලි ඉපදුණොත් ජපානෙන් අපට ඕක දෙනවා නොමිලේ. ඒ වුණාට ජේ.ආර් ගේ බෑනාට දෙන්නේ නෑ. නිමල් සිරිපාල කැබිනට් එකෙන් ඉවත් කළොත් නම් සලකා බලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site