IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජපන් ව්‍යාපෘති සම්බන්ධයෙන් තානපති නිවේදනයක්

(කැලුම් බණ්ඩාර)

ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති ඉල්ලීම් සහ ආර්ථික තත්වය ප්‍රථමයෙන් සළකා බැලීමෙන් පසුව පමණක් මෙරට නව ව්‍යාපෘති පටන් ගැනීම පිළිබඳව ජපානය තීරණයකට එළැඹෙනු ඇතැයි මෙරට ජපාන තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව නැවත ආරම්භ කළ ව්‍යපෘති 11 ඉදිරියට ගෙන යාම සඳහා ජපානය මෙම අවස්ථාවේ ප්‍රමුඛතාවය ලබාදෙන බවද තානාපති කාර්යාලය පැවැසුවේය.

නව රජයත් සමග ජපානය මෙරට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය මෙම අදහස් පළ කළේය.

නැවත ආරම්භ කළ ව්‍යපෘති 11 සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු බොහෝ ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවයි.

 



අදහස් (6)

ජපන් ව්‍යාපෘති සම්බන්ධයෙන් තානපති නිවේදනයක්

සිල්වා Sunday, 01 December 2024 05:05 PM

ජපානය කවදත් ශ්‍රී ලංකාව කෙරෙහි ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන රටක්. ඉතා ඉහළින් කලගුණ සලකන රාජ්‍යයක්...!

:       2       83

Jehan de SeramSunday, 01 December 2024 05:41 PM

ආදර ගෞරව කෙසේවෙතත් ණය ගිවිසුම් ප්‍රකාරව එම ව්‍යාපෘති වල් ඉදිකිරීම් ජපන් සමාගමේ පමණක් කළ යුතු බවට කොන්දේසියක් තිබේ. එම ඒකාධිකාරය නිසා ඉහළ මිල ගණන් යටතේ ටෙන්ඩරය ජපාන සමාගම් වලට ලැබෙන්නේ. එම ටෙන්ඩර් වළ ලාභ ප්‍රතිශත 40% වගේ ඉහළ ගණන් නිල වශයෙන්ම එයාලාට හිමි වෙනවා. මේ විදේශ ණය මත කෙරෙන ව්‍යාපෘති වලින් 50% පමණම නැවත එම රටටම ගලා යනවා. අපි පොලී ගෙවනවා.

:       24       10

Subashana Lankara Sunday, 01 December 2024 08:22 PM

ජපානය කියන්නේ හරිම නීති ගරුක මිනිසුන් ඉන්න රටක්... මේ ව්‍යාපෘතිවලින් කොමිස් ඉල්ලපු දේශපාලකයා තාමත් හොඳින්... හොරාට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි...

:       2       39

Shelton Monday, 02 December 2024 05:46 AM

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බණ්ඩාරනායක නම ඉවත් කළයුතුයි. මන්ද එය බණ්ඩාරනායකලා විසින් ඉදිකරන ලද්දක් නොව ඩඩ්ලි සේනානායක මහතා විසින් එ.ජා.පක්ෂ පාලන කාලය තුළ ඉදිකරන ලද්දක් බැවිනි...!

:       1       4

Bunny Preena Monday, 02 December 2024 09:49 AM

මා දන්න විදිහට ව්‍යාපෘති සඳහා ණය දෙන ඕනෑම රටක් ගිවිසුම්වල සඳහන් කරන දෙයක්ලු... අමුද්‍රව්‍ය සහ තාක්ෂණ ශිල්පීන්ගේ උපදෙස්, ශ්‍රම බලකායෙන් යම් සියයට ප්‍රමාණයක් එම රටවලින් ලබාගත යුතු බවට...

:       0       0

අරුණි Tuesday, 03 December 2024 12:29 AM

බොරු සෝබන සංදර්ශන සහ කතා ජපානෙට අදාල නෑ. වැඩ නැත්තං එතැනට ජපන්නු තියා උගන්ඩාවෙන්වත් එන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site