
(අංජුල මහික වීරරත්න)
ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර සාකච්ඡාවකදී තීරණයට එළඹ තිබේ.
ජපානයේ සාත්තු සේවා රැකියා ක්ෂේත්‍රය සඳහා වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙන හෙයින් මෙම තීරණයට එළඹ ඇත.
ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමු කිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහත්වරුන් අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
සාත්තු සේවයට අමතරව අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට වැඩිපුර ජපන් රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බව කනමොරි හිතොෂි මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජපන් රැකියා සංචිතයක් හදන්න යයි
kusum wikrmasingha Friday, 31 January 2025 05:45 PM
සාත්තු සේවිකාවන් සඳහා...