
(අංජුල මහික වීරරත්න)
ජපානයේ ජගත් තරුණ නෞකා වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත තරුණ තරුණියන් අද (21) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය.
මෙවර වැඩසටහන සඳහා තරුණ තරුණියන් 9දෙනෙකු සහභාගී වීමට නියමිත අතර 24 වෙනිදා ජපානය බලා පිටත් වීමට කටයුතු යොදා ඇත.
වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ජපන් රජයේ ආරාධනයෙන් ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධීකරණයෙන් තරුණ තරුණියන් තෝරා ගැනීම සිදු කරයි.
දිවයින පුරා තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් අනතුරුව තෝරා ගන්නා තරුණ තරුණියන්ට මාස 3ක පුහුණුවක් ලබා දීමෙන් පසු මෙම වැඩසටහන සඳහා යොමු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නෑවේ රංවලත් ඉඳලා තිබ්බනේ . ජෙපයියන්ට මතකද දන්නෑ රංවල