IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන්ට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (01) නියෝග කළේය.

රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇප මත විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුදාහැරීමට නියෝග කරමින් වරෙන්තුව ආපසු කැඳවු විනිසුරුවරයා නඩුව විභාග කරන 2025 ජනවාරි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.

වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පසුගිය 23 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වරෙන්තු නිකුත් කර තිබිණී.

නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඔහුගේ නීතීඥවරු මෝෂමක් මාර්ගයෙන් ඉල්ලා තිබිණී.

ඒ අනුව 2014 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2014ජනවාරී මස පළමුවැනිදා සිට 2014 දෙසැම්බර් 31 වැනිදා අතර කාලයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට  පාඩු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම පවරා ඇති නඩුව යළි කැඳවිණී.

ඒ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් නඩුවකදී දුන් ප්‍රතිඥාවකට අනුව ප්‍රකාශයක් දීමට තම සේවාදාකයා පසුගිය දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටීම හේතූවෙන් තම සේවාදාකයාට මෙම අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වු බව දැනුම් දුන්නේය.

කෙසේ නමුතත් තම සේවාදායකයාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවීමට නියම කරන්නැයි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලමෙන් අනතතුරුව විත්තිකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට අමතර ඇපයක් නියම කළේය.

නඩුව යළි කැඳවීමට නියම කර ඇති ලබන වසරේ ජනවාරී 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විත්තිකරුට වැඩිදරටත් නියම කළේය.



අදහස් (1)

ජොන්ස්ටන්ට ඇප

Tarindu Saturday, 02 November 2024 03:43 PM

හොරු අල්ලද්දී කෙඳිරි ගාන්න එපා කිව්වා මතකද? 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site