(මනෝප්‍රිය ගුණසේකර)
සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය.
2012 වසරේදි කළ බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් තිදෙනා මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ඔක්තෝම්බර් මස විසි එක් වෙනිදා පැවැත්වීමට දින නියම කළේය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.
2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජොන්ස්ටන්ට අධි චෝදනා
Vipula Wednesday, 31 August 2022 07:46 AM
ඊළඟ චෙක්එක ජොන්ස්ටන්ට...
fairoos Wednesday, 31 August 2022 12:08 PM
නිදහස් කොට නිදහස් වෙන මුකුත් කරන්න අපේ රටේ නීතිය නැහැ..!