
(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු කළහාකරි සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා පොදුජන එක්සත් පෙරමුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය. 5 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව හමුවට කැඳවා ඇති පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුව හිටපු අමාත්‍යයවරයා අද පෙරවරු 10.15 ට පමණ එහි පෙනී සිටියේය.
ප්‍රකාශ ලබා ගැනීම සදහා ඊයේ (23) දින ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණ ද ඒ මහතා ඊයේ එහි පැමිණි සිටියේ නැත.
මෙම ප්‍රශ්න කිරීම පසු හිටපු අමාත්‍යවරයා පස්වරු. 2.30 ට පමණ ඉන් පිටව ගොස් ඇත.
ජෝන්සටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති බවට සැලවීමත් සමග අරගලභූමියේ සිටි තරුණ පිරිසක් ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පිටට පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් විරෝධතාවක නිරත වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන් පමණක් නොවේ.. අරලිය ගහ මන්දිරයේ ඉන්න මහින්ද රාජපක්ෂවත් අත්අඩංගුවට ගත යුතුයි.
කපුටෙකු මරා තට්ටක් එල්ලීමෙන් අනිත් කපුටන් බියවෙන බව කීමට තරම් සැහැසි වූ මොහු එදා අරලියගහ මැදුරේ දී මිනිසුන් කුපිත කොට නැටූ නාඩගම ගැන මේ රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වී ඇති බවක් නොපෙනේ... නීතිය සැමට පොදු සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවෙනතාක් පොදු මහජන කුපිතවීම් වැළැක්විය නොහැකි බව පෙනේ. ඒ නිසා එදා සිද්ධියට සම්බන්ධ මහින්ද ඇතුළු පොහොට්ටු මැරයන් කණ්ඩායම හා පසුව ජනතා හදිසි කෝපයට මුවාවී, එය දඩමීමා කරගෙන ගෙවල් ගිනි තැබීම්, දේපල මංකොල්ල කෑම් හා අනෙකුත් අපරාධ සිදුකළ ජේවීපී මැරයින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.