(මනෝප්‍රිය ගුණසේකර)
වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් මස 09 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා අද (25) තීරණය කළේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය” 2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මස 09 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
COMMENTS
මේ අයව උල තියන්න ඕනේ..!
දත් සෙට් එක දැක්කාම මතක් වෙන්නේ ආච්චිගේ හිරමනේ...!
මෙයාලා ගහපු ගේම් එක්ක මේවා විහිලුනෙ. නිදොස්කොට නිදහස් වන බව දැන දැනම මේවා විභාග කරන එකත් රජයට පාඩුවක්. 2002 හිටපු වෙලද ඇමතියා සතොස, එස්ටීසී වගේ තැන් වහන තැනට හොරාකාපු ඒවට දැඩුවම් දුන්නනං මෙලහට ඌ වලලපු තැන්වල රූස්ස ගසුත් පැලවෙලා. ඊට පස්සෙ මහ බැංකුවත් මංකොල්ලා කාලා, දැන් විකීගෙ වම් අත, ඔක්කොම අසූචි අතගානවා.