
(සුජිත් හේවාජුලිගේ )
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආදරණීය හිතවත,
2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරණ ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ බව මම හොඳින් දනිමි.
එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන් නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික උවමනාවන් ඉටු කර ගැනීමට උත්සහ කරන අවස්ථාවාදීන්ගේ කූඨප්‍රාප්තිය රග දැක්වීම ආරම්භ කර ඇත.
එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙය වීම පමණි.මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.මා ජිවිතයේ මුහුන දුන් අභියෝග හා සැසදීමේදී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.
මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරැණැගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අලුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා, හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකියැයි සිතීම විහිළුවකි.
ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අලු කලද ඔබ වන් මිනිසුන් ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කල යුතුය කාලය පැමිණ ඇත.
කුරැණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වු මාගේ දේශපාළනයට තිත තැබීමට තබා සෙලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදාවී ඇත.
වසර තිස් ගණනක වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කලේ ඔබ වැන්නන්ගේ කැපවීමයී සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහලම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි.
කහපත්වල ,දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්තාන වල සිට ක්‍රිඩාපිටි . ගෘහස්ථ ක්‍රිඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහගු ඵලයයි.
නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුලේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව , බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුනේ ඒ ලෙන්ගතුකමයි.
ඒ කැපවීම ශක්තිය ආදරය ලෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොත පැමින ඇත.විරැද්ධ වාදීන් නගන අශික්ෂිත අවලාද බොරැ චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරිමට මා කටයුතු කරණ බව මගේ ජනතාවට දැනුම් දෙන්න.අප විශ්වාස කරණ දේශපාලනය වෙනුවෙන් ඕනෑමැ පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම් දෙන්න.
මහින්ද රාජපක්ෂ නැමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.කිනම් බාදක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුනත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කල ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිදින බවත් පවසන්න.
මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න එය සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි ඉහළම අයුරින් ලබා දෙන්න.
එක්ව ජයගමු.
එක්සත්ව නැගිටිමු.
බොරැව යටපත් කර සත්‍ය තහවුරු කරමු.
ජයවේවා!
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මැගසීන් බන්ධනාගාරයේ සිට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය වාහනය ගැන හරියට යමක් කියන එක ඔයිට වඩා පහසු නැද්ද? කොහොම වෙතත් නේරුතුමා ඉන්දිරාට හිර ගෙදර ඉඳගෙන ලියපු ලියුම වගේ සලකන්නම්කෝ...!
ඉතින් පොල් බූරුවෝ නිර්දෝෂී නම් අධිකරණයේ ඔප්පු කරන්නකෝ බොරු කැටයම් දාන්නේ නැතුව...!
අනේ නිකන් යන්න...!
මේ ලිපිය අධිකරණයේ අවසර මත ලියූවක්ද? එසේ නොවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමක් වෙනවා ඇත. මොහු බන්ධනාගාර ගත වී සිටින්නේ අධිකරණ නියෝග මත බැවිනි. ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය නොසලකා හැරීමකි.
මේවා දැක්කාම හිනා යනවා
කුරුණෑගල දියුණු කරන්න ඇත්තෙ අතේ වියදමින් වෙන්නැති, මිනිස්සු මහජන නියොජිතයො පත් කරන්නෙ ඒවා කරන්න තමයි, ඒවා අරුම පුදුම වැඩ නෙවෙයි, අනීතික වැඩ කරාම හිර ගෙවල්වල ලගින්න වෙනවා, මිනිස්සු මහජන නියොජිතයො පත්කරන්නෙ අනීතික වැඩ කරන්න හොරකම් කරන්න නෙමෙයි.
ජොනීගේ සිංහල හොඳයිනේ...!
මිනිහා පොරක් වෙන්න වගේ හදන්නේ... අනේ ඉතින් අපි නොදන්න ජොනී...
ජොනියාගේ මේ ලියුම ජවහල්ලාල් නේරු මැතිතුමා හිරගෙදර ඉඳගෙන ලිියපු ලිපියට වඩා වටිනවා. ඒ නිසා ජොනීගේ මේ ලිපියත් ලෝක පූජිත ලිපියක් වනු නියතයි...!
ශුවර් ද මෙයාමයි ලිව්වේ කියලා? අකුරු ලියන්න පුළුවන්ද?
එක දෙයක් ගැන එකඟයි... මම තවමත් ඔබ දන්නා ජොනීමයි.
නිකං බොරුවට කෙකර ගාන්න එපා. එංගලන්තේ හොරකම් කරපු වාහන ගත්තේ නොදැන කියන්න බැහැ. තොත්ත බබෙක් නෙවෙයි. හොරු අල්ලන කොට පලිගන්නවා කියලා කියන්න එපා කියලා තියෙන්නේ. බදු පොලු තියපුවා තව ඉස්සරහට...
අවසන් ලියුමයි ඔබට ලියන්නේ... විරහ කඳුළු රැඳි පෑනෙන්...
බත්කන හරක්ට කියන්න ඇඩ්‍රස් කළානම් හරි... මොකද සාමාන්‍ය මිනිස්සුන්ට ඕක අදාළ නැති නිසා.
මෙදා සැරේ නම් ලේසි වෙන්නේ නෑ.
මා කළ බී එම් ඩබ්ලිව් සොරකම තුඩක තැවැරී දුහුවිල්ලක් තරම්. අනිත් ඒවා එළියට එනකොට පෙනෙයි බොලාට, මගේ වැඩ මහාමේරු පර්වතයට වඩා ලොකුයි කියලා. ඒත් ඒවා එළියට එන්න එපායෑ. මොනවා කිව්වත් කුරුණෑගල බයි හරක් මේ පාරත් මාව උඩින්ම දියවන්නාවට විසි කරනවා.
හොරකම් කරපු වාහනයක් නිසා ඇප සුම්මා... නියමයි…
මහින්දත් වැලිකඩ පැත්තෙන් බත් කඩයක් හොයා ගත්තොත් හොඳයි... ළඟදීම කෑම එකක් ගෙන්නා ගන්න. නැත්තම් ඉතින් ජොනියත් එක්ක කල්දේරම් බත් තමයි.
මැදමුලන කෙහෙළිය බලන්න ආවෙ නැත්තේ ඇයි…?
තමුන් කරපුවාට වින්දවන්ඩම වෙනවා.බලයේ හිටපු කාලේ තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
අර රජයට ගෙවන්න තියෙන කෝටි ගණනක බදු ටික ගෙවලා ඔය ලියුම ලිව්වා නම් කොච්චර වටිනවාද?