
(යොහාන් භාසුර)
ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලිපියක් නිකුත්කර ඇති බව එහි සඳහන්ව ඇති බවත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.
එවැන්නක් බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් මෙම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතෝල මෛත්‍රීගේ දුව පොත ලිව්වා වගේ මෙයත් එළියේ ඉන්න ගොට්ටෙක්ට කීයක් හරි දීලා ලියුම ලියන්න කියන්න ඇති බයියන්ව අන්දන්න…
කොහොමත් එයාලගේ නමින් ලිපි , පොත් ලියන්නේ වෙනත් අය වග කවුරුත් දන්නවනේ. තවත් එවැනිම සාහිත්‍යමය ලියැවිල්ලක් ඒ.
බොරු කියල තමා මුලින්ම හිතුවේ. ජොනීට අකුරු ලියන්න පුලුවන්ද සැකයි.
එතකොට මොකක්ද ලියලා තියෙන්නේ?
අට පාස් ජොනීට වෙනවෙන වැඩ කිඩ පුළුවන් වුණාට හරියට ලියුමක්වත් ලියා ගන්න බැරි බව අපි නම් දැනගෙන හිටියා...!
අඩුම ගානේ "කසිප්පු" කියන වචනේවත් ලියාගන්න බැරි ජොනියට ඔය ලියුම කොහොමටත් ලියන්න හැකියාවක් නැහැ නේ