IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන් බන්ධනාගාරය තුළ ලිපියක් ලියා නෑ

(යොහාන් භාසුර)

ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලිපියක් නිකුත්කර ඇති බව එහි සඳහන්ව ඇති බවත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

එවැන්නක් බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් මෙම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (6)

ජොන්ස්ටන් බන්ධනාගාරය තුළ ලිපියක් ලියා නෑ

පිටිගල මිලානෝ Tuesday, 29 October 2024 02:08 PM

පතෝල මෛත්‍රීගේ දුව පොත ලිව්වා වගේ මෙයත් එළියේ ඉන්න ගොට්ටෙක්ට කීයක් හරි දීලා ලියුම ලියන්න කියන්න ඇති බයියන්ව අන්දන්න…

:       1       30

රම්බොඩ Tuesday, 29 October 2024 02:47 PM

කොහොමත් එයාලගේ නමින් ලිපි , පොත් ලියන්නේ වෙනත් අය වග කවුරුත් දන්නවනේ. තවත් එවැනිම සාහිත්‍යමය ලියැවිල්ලක් ඒ.

:       2       26

Indhika Tuesday, 29 October 2024 02:54 PM

බොරු කියල තමා මුලින්ම හිතුවේ. ජොනීට අකුරු ලියන්න පුලුවන්ද සැකයි.

:       1       41

බකල ජයා Tuesday, 29 October 2024 04:09 PM

එතකොට මොකක්ද ලියලා තියෙන්නේ?

:       0       8

ගමේඑකාලා Tuesday, 29 October 2024 04:17 PM

අට පාස් ජොනීට වෙනවෙන වැඩ කිඩ පුළුවන් වුණාට හරියට ලියුමක්වත් ලියා ගන්න බැරි බව අපි නම් දැනගෙන හිටියා...!

:       0       19

Perera Wednesday, 30 October 2024 08:48 AM

අඩුම ගානේ "කසිප්පු" කියන වචනේවත් ලියාගන්න බැරි ජොනියට ඔය ලියුම කොහොමටත් ලියන්න හැකියාවක් නැහැ නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site