(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

ජනශක්ති   සමූහ ව්‍යාපාරියේ   සභාපති ප්‍රකට ව්‍යාපාරික  දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයේ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම  අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සංවිධානාත්මක අපරාධ සහ මිනිමැරුම් විමර්ශන කොට්ඨාසය,   බොරැල්ල පොලිසිය  එක්ව   සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.

සිද්ධිය වු ස්ථානය සහ  මෝටර් රථය  පොලිස් නිළසුනඛයන් යොදා පරීක්ෂාවට ලක් කර ඇති බවත්,  අදාල  ස්ථානට හා අවට ප්‍රදේශයේ සී සී ටී වී දර්ශන පරීක්ෂාවට ලක්කරමින් දුරකතන විශ්ලේඛණ ඔසසේ ද විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කීය.