(යොහාන් භාසුර)
ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයා සහ දිනේෂ් ශාෆ්ටර් මහතා අතර රුපියල් කෝටි 138 ක ගණුදෙනුවක් සිදු වී ඇති බවත් එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් මෙම ඝාතනය ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයන පුද්ගලයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව බැලූ බැල්මට පෙනෙන බවත් ඒ මහතා බොරැල්ල කනත්ත තුළදී වාහනය දීම ඝාතනයට ලක්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
ශාෆ්ටර් මහතාගේ කාර් රථය කාසල් රෝහල දෙසින් ඇති පිවිසුමෙන් කනත්ත තුළට ඇතුල් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2237
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්?
මැක්ස් Friday, 16 December 2022 10:23 AM
පේනවා නේද සියලුම දේශපාලකයනට "හොරු" ලේබලය අලවා අපට උන් දිහා පමණක් බලන්නට සලස්වන අතරේ, අනෙක් උන්දලගේත් වැඩ කිඩ! මේක අනුන්ගේ මුදල් කඩා ගන්නන්ගේ, අනුන්ගේ මුදලින් ව්‍යාපාර කරනන්ගේ පාරාදීසයක්. අන්ත දූෂිතයන් විසින් "දූෂණ විරෝධී" පුවරු අල්ල ගෙන සිටිමින් "මන් සුදනා" සේ සුදු පිරුවට ඇද සිටින අමුතුම පුරයක්.
Mo Friday, 16 December 2022 10:50 AM
ඇයි ජනමාධ්‍ය මේ පුද්ගලයාගේ නම හෙළි නොකරන්නේ ඒ බ්‍රයන් තෝමස් නේද?
සෙනරත් Friday, 16 December 2022 03:46 PM
ඒක තමා....... ජනමාධ්‍ය නොවේ ඔක්කොම බල්ලො අපිට කුඩම්මගේ සැලකිලි.....කොලේ වහල තමා ඔක්කොම ගහන්නෙ....කාලකන්නි ම රටක්
nihal Friday, 16 December 2022 06:07 PM
ලසන්ත වික්‍රමතුංගගේ මරණයත් මෙවැනි ආකාරයකටම සිදුකළ ඝාතනයක්....
ranjith Friday, 16 December 2022 07:57 PM
මෙහෙමත් අයාලේ යන රටක්... මහාපරිමාණ හොරකම්, ඝාතන..? රටකට ගිය කලක්..
sampath Tuesday, 20 December 2022 08:44 PM
කිසිම කෙනෙක් එක්ක මොනම ආකාරයකවත් මුදල් ගනුදෙනු කුමන තරාතිරමක කෙනෙක්වත් නොකර සිටීම යහපත් ණය ගත්තොත් දෙන්නේ නැහැ.