IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජනශක්ති සභාපති ඝාතන තැත වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන  බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා අද දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපති වරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු එක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (6)

ජනශක්ති සභාපති ඝාතන තැත වරදී

sampath Thursday, 15 December 2022 09:38 PM

බොරැල්ලෙ කනත්තට අවමංගල රථ හැර වෙනත් රථ ඇතුළු කරන්න දෙන්නේ නෑ. එතකොට මේ තැනැත්තා ණය මුදලක් දෙන්න මහපාරට යන්නේ මොකටද බැංකුවෙන් හරි ගෙදරදි හරි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න තිබුණනේ.

:       9       38

BempiFriday, 16 December 2022 12:24 AM

ණයක්‌ දෙන්න නෙමෙයි....රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව..... ණයක්‌ ගත්තු එකෙක් හමුවීම සඳහා ගියබවයි මට හිතෙන්නේ.

:       0       7

PereraFriday, 16 December 2022 07:01 AM

දීපු ලොකු ණය මුදලක් ආපහු ගන්න වෑයමක නිරතවෙලා ඉඳලා තියෙන්නේ .කනත්තට බලයෙන් වගේ ගෙනිහින් තියෙන්නේ

:       0       6

arschfikaa Thursday, 15 December 2022 11:41 PM

මිනීමරු සිංහල සුරුට්ටුවන්ගේ මේවගේ දේවල් හරියට පළකරන්නෙම නෑනේ.ඕකම මුස්ලිම් හෝ දෙමල අයෙක් කෙරුවා නම් නම් ගම් ,ආපු ෆ්ලයිට් ,ආපු වෙලාව හැම මගුලම දායි .

:       11       13

කිරිපුතා Thursday, 15 December 2022 11:57 PM

සිද්ධිය මොකක් වුවත් ආදරණීය බිරිඳගේ සොයා බැලීම නිසයි ඔහු දිවි ගලවාගෙන ඇත්තේ වගක් වැටහෙනවා. මේක වෙනම කතාවක් නෙවෙයි නම්.

:       0       4

sharm warn Friday, 16 December 2022 09:58 AM

ජාතික රක්ෂණ සංස්ථාව කියලා එකක් තිබුනා ඒ කාලේ.ඒක විකිණුවා.ගත්තේ ජනශක්ති එකෙන් .ජීවිතේ හැම දෙයක්ම සල්ලි නෙමෙයි කියලා තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ .අපි යන්නේ කවදද කොහොමද කියලා අපි දන්නේ නෑ .ඒ නිසා සල්ලි වලින් උඩ පැන්නත් වැටෙන්නේ බිමට කියලා මතක තියාගෙන 2023 ට ඇතුළු වෙන්න

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2237 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site