IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනශක්ති ලයිෆ් ’Great Manager’ සම්මාන ප්‍රදානය කරයි

ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ්  'Great Manager' සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු  සහ අධ්‍යක්ෂකවරයකු වන මහේල ජයවර්ධන මහතා විසින් 'ඵලදායී කළමනාකරණය, නායකත්වය සහ රැකියා ජීවිතයේ සමබරතාවේ වැදගත්කම' පිළිබඳ වටිනා දේශනයක් ඉදිරිපත් කරන ලදී.

ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්  එහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ යන මහත්වරැ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා  මෙසේ පැවසීය.“මෙය අපගේ ප්‍රගතිය සිහිපත් කිරීමට මෙන්ම අපගේ ඉදිරි ගමන් මාර්ගයේ දිශානතිය හඳුනාගැනීමට හැකි තීරණාත්මක අවස්ථාවක්. යහපත් මාවතක සිට ශ්‍රේෂ්ඨත්වය වෙත ගමන් කිරීම සහ දිගුකාලීන පැවැත්ම ගොඩනඟා ගැනීම යන තේමාවට පිවිසීමෙන් අපට දිගු කාලීන තිරසාර බව සහ ‍යහපත් ප්‍රතිඵල ලබා ගත ගත හැකියි. ඒ සඳහා තාක්ෂණය ද උපයෝගී කරගත හැකියි . එමෙන්ම අනෙකුත් වගකීම් ද දක්ෂ ලෙස කළමනාකරණය කරගනිමින් එක් එක් පුද්ගලයන්  ඔවුන් සතු අද්විතීය ශක්තීන් තුළින් විශිෂ්ටත්වය වෙත බල ගැන්වීමටද හැකියි. අපේ ජනශක්ති ලයිෆ් කළමනාකරණ කණ්ඩායම පිළිබඳව මම  ආඩම්බර වෙනවා.ඔවුන් තුළින් සුවිශේෂී ගුණාංග රාශියක් දැකීමට ලැබීම ගැන බෙහෙවින් සතුටුයි .

ඔවුන් තම පෞද්ගලික  දියුණුව කෙරෙහි අවධානය යොමු නොකරමින් ඔවුන්ගේ යටතේ වෘත්තීය කටයුතුවල නියැළී සිටින වෘත්තිකයන් පෝෂණය කිරීමට  කැපවී සිටිනවා . එක් එක් කණ්ඩායමේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා අනුකම්පාව දක්වමින් ඔවුන් විවිධ දැඩි තීරණවලට එළඹෙන ආකාරය මම දැක තිබෙනවා . ඔවුන් පහළ ස්ථරයේ සිටින සේවකයන්ව  සාර්ථකත්වය සඳහා දිරිමත් කරනවා.එම නිසා ඔවුන්ගේ මෙම කැපවීම අපි අනිවාර්යයෙන්ම සැමරිය යුතුයි. අපගේ සෑම ක්‍රියාවකදීම, ජනශක්ති ලයිෆ් හි සාමූහික සාර්ථකත්වයට දායක වෙමින් සැමට සමෘද්ධිමත්  පරිසරයක් නිර්මාණය කිරීමට අපිට උත්සහ කළ හැකියි."

'ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මානසිකත්වය'  පිළිබඳ අවබෝධයක් ලබාදෙන හරවත් සංවාදාත්මක කථිකාවක් ද  මෙම අවස්ථාව සඳහා ඇතුළත් වූ අතර ජනශක්ති ලයිෆ් කළමනාකරණ කණ්ඩායමේ  විශිෂ්ටත්වය හඳුනාගැනීමේ ප්‍රමිති සකස් කරමින් සම්මාන නිර්ණායක එළිදැක්වීම මෙහිදී  සියලු දෙනාගේ අවධානය දිනාගත්  ආකර්ෂණීය අවස්ථාවක් විය.



අදහස් (0)

ජනශක්ති ලයිෆ් ’Great Manager’ සම්මාන ප්‍රදානය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site