(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය.
විදුලි ගාස්තු සංශෝධන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති බව කී අමාත්‍යවරයා එම නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කර මහජන උපයෝගීතා කොමිසමට ඉද්රිපත් කරන බව ද සඳහන් කළේය.
විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලබන වසරට අවශ්‍ය රුපියල් බිලියන 270 ත් 300 ත් අතර මුදල පූර්ණය කිරීමට අවශ්‍ය ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලත් වැඩිකරල පැය 10ක් කරන්ට් එකත් කපන්ඩ ඔන..එතකොට තමයි බය්යන්ට සැප.
මෙයා ඉන්ධන ගන්න QR කෝර්ඩ් එකක් හඳුන්වා දුන්න වගේ, ඉදිරියට විදුලි සැපයුමටත් QR කෝර්ඩ් එකක් හඳුන්වා දීල සතියට දවසක් විදුලිය දුන්නත් පුදුමයක් නැහැ.
ජනතාවට ක්‍රම කිපයකින් දෙනවා .එක පිරිසක් සදහා සමුර්ධි සහ අඩු විදුලි ගාස්තු අඩුකරල දෙනවා .අනෙක් පිරිස තමන්ගෙ මහන්සියෙන් යමක් කමක් උපයාගෙන රජයට ආදායම් බදු රජයට නඩත්තු ගෙවීම් කරමින් විදුලිය සදහා වැඩිම බිලක් ගෙවනවා.ආගමික පිරිස් ජනතා ආධාර ලබමින් අඩුම විදුලි බිලක් ගෙවනවා. දේශපාලුවො උන්ට ඕන හැටියට බෙදාගෙන කනවා. මේ වනවිට කෝටි ගණනක් නොගෙවූ දේශපාලුවො ඉන්නවා කියලා පුවතක් පලවුනා. නිකම්ම ඉන්න අයට රජයෙන් උපරිම සහන දෙනවා .මෙහෙම නිකං කකා හිටියම රටක් හදන්න පුළුවන් වේද
විදුලි ,වතුර,දුරකථන ,ඉන්ධන අනිත් කී නොකී දේ ඉහල ගියාට ඔහෙලාට මොකද නේද?කාලකන්නින් රකින එකම රට අපිද මන්දා?අනිත් එක ඔහෙලාට පවර් කට් නැහැනේ නේද?
අවශ්‍ය මුදල් හොයාගන්න අහිංසක මිනිස්සුන්ට පීඩාවක් නොවී උඩ බලන් ඉන්න සේවකයන්ව ඉවත් කරලා වැඩක් කරන ,සීමිත සේවකයන් පිරිසක් රාජකාරියේ යොදවන්න .එතකොට පින් පඩි ටික ඉතුරුයි
විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් කෝටි ගණන්, ලක්ෂ ගණන් පොලු තියපු නිසා. විදුලිබිල වැඩිකරන්න කළින් ඔවුන්ගෙන් හිඟමුදල අයකරගත යුතුයි.
මණ්ඩලයේ ඉන්න පින්බත්කාරයින්ට බෝනස් සහ තරු පන්තියේ පඩි ගෙවන්න අපි මොකටද වැඩිය බිල් ගෙවන්නේ...? ඒවා නවත්තන්න ඕනෑ ඉස්සර වෙලාම...
බිල වැඩිකරලා පැය 10ක් කැපුවාම හරි... පරණ ගානම එයි. හෙන නොගහ යවන එකක් නැහැ .
හෙනම ගහන්න ඕනේ මුළු පවුල් සංහතියටම...
වියදම් අඩු කිරීම සඳහා ඔබ ගෙනඇති ක්‍රියාමාර්ග මොනවද?
ආයෙත් හොඳ එකෙන් කන්න ලෑස්තිවෙලා ඉන්න... මේ සැරේ ගෙවල් ඇතුළට දාලාමයි ගිනි තියන්නේ...!
බිල වැඩිකරලා ලාබ පෙන්නන්න ඇමැතිලා ඕනෑ නෑ. නිකන් පඩි ගන්න හොරු ගෙදර යවලා, වියදම් අඩුකරලා, බිල අඩුකරලා ජනතාවට සේවය සපයන්න පුළුවන් මොලයක් අපිට ඕනෑ. ඔය වැඩකරන මොන්ටිසෝරි ළමයෙක්ට පුළුවන්... ඇමැති කෙනෙක් ඕනෑ...
අපිට දැනගන්නට ලැබුණු පරිදි කෝප් කමිටුවේ සාකච්ඡා කළ පරිදි තවමත් මනු කියවන්නට වැටුප් ගෙවා නිවැරැදිව කියවනවාට දීමනාවක් ගෙවනවද? විදුලිබල මණ්ඩලයට කෝටි ගණන් වලින් පාඩුනම් එහි සේවකයින්ට බෝනස් ගෙවන්නේ මොන කෙහෙල් මලකටද? ලාබ වුණත් එහි සේවකයින්ට බෝනස් දෙන්නේ මොන දේකටද? එතකොට අනිත් රජයේ සේවකයින්ටත් ගෙවනවාද? ඇයි බෝනස් ගෙවන්නේ? උඹලට වැඩකරන්න බැරි නම් පලයව් යන්න...
චන්දයකදී ජනමතය පෙන්නමු හොරු පන්නමු
වැඩි කරපන් අරගලය තවත් ඉක්මන් වෙනව
මේ රටේ සියලුම විදුලි පාරිභෝගිකයින්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම ජවිපෙට. මේ මෝඩ විදුලි ඇමැති කෙනෙක්. අසූචි කකා තමයි අවසානයට ඉන්න වෙන්නේ.
විදුලි බිල...!
මණ්ඩල පාඩුයිලු... අපිට මොකවත් ලාබයක් වුණාද? අපෙන් වැඩියෙන් අයකරන්නේ..!
ඇමතිතුමෝ, ඔහේගේ මුත්තලා හිටපු කාලයේ දකුණු පළාතේ කැකුණ ඇට ඉරටුවේ ගසාගෙන ඒවා පන්දම් ලෙසට පත්තුකර එළිය ගත්තා කියලා අහලා තියෙනවා.. නරකද නැවතත් එම කැකුණ වගාව ආරම්භ කරලා ජනතාවට එහෙමවත් ආලෝකය ගන්න සැලැස්සුවොත්..? ඔහේට ඉතින් පුළුවන්කම තියෙන්නේ මණ්ඩලයේ කචල් නිසා සිදුවන පාඩු අපෙන් ගන්න වැඩිකිරීම පමණයිනේ... ඒකයි මම කියන්නේ දකුණු පළාතේවත් කැකුණ වගාවක් කරන්න කියලා...