(යොහාන් භාසුර)
සියලුම විදුලි පාරිභෝගිකයන් ලබන ජනවාරි සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් විදුලි බිල්පතක් හදුන්වාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය.
වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත්, වර්තමාන කාර්ය මණ්ඩලයෙන් කළ යුතු බාහිර සේවා සහ විදුලිබල මණ්ඩලයට කළ නොහැකි ව්‍යාපෘති පළාත් පාලන ආයතනවල සහාය ඇතිව කිරීමටත් තීරණය කළ බවත් අමාත්‍යවරයා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් සමඟ මාර්ගගත ක්‍රමයට අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණවලට එළඹි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන බයිලා අපිට තේරෙන්නේ නැහැ. අපිට විදුලි බිල් ඕනෑ කාංචන... බිල් නැත්නම් ගෙවීම් නැත...
විදුලි බිල් මුද්‍රණය කරන්න බැරි මොකද?
බිල වැඩිකරල ජනතාව නොමගෙ යවන්ඩ 'විද්‍යුත්' කියල අලුත් නාඩගමක්