
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහාය.
මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිස් නිලධාරින්ට පැහැදිලි කරන්න ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙන්නේ ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා කියලා ඒ ගමන්ම ඔවුන්ට කියන්න නිලධාරි වෙනුවෙන් ග්‍රාම නිලධාරි සකසා දෙන නිදාගන්න ඇද ඇතිරිලි පැහැර ගන්න එපා කියලා එහෙම වුණාම නිලධාරි මැතිවරණ දිනට පෙරදින නිදිවරාගෙන සිට පසුදා මැතිවරණ රාජකාරි කර නැවත රාත්‍රියේ ගණන් කිරීමේ කටයුතු කරන්න ගියාම දැඩි අපහසුතාවට පත්වෙනවා... මම එහෙම දෙයක් අත්දැකලා තියෙනවා ගැටුම් ඇතිකර ගෙන රාජකාරි කරන්න අපහසු නිසා පැමිණිලි කලේ නැහැ. ඒ ගැන පරීක්ෂා කිරීමට ක්ෂේත්‍ර රාජකාරි කරන සහකාර තේරීම්භාර නිලධාරි හා ක්ෂේත්‍රය බාර පොලිස් නිලධාරින් දැනුවත් කරන්න...