
රන්ජන් කටුගම්පොළ
අගවිනිසුරු ධුරයට හැර අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධුරවලට විනිසුරුවරුන් නිර්දේශ කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධුරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් තීන්දුවට එරෙහිව නීතිඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අනුව කටයුතු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවට ද නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ අතුරු නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් තීන්දුවට එරෙහිව නීතිඥවරයකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වෙන බව ද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ දිලීප් නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිට එරෙහිව වාරණයක්