(අමදෝරු අමරජීව)
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.
නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ.
නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන මහත්වරු දැනට කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපි දකින්නේ හීනෙන්ද????
රටේ ප්‍රධාන පුරවැසියා මේ විදියට විහිළු කරන්නේ ජාතික ආරක්ෂාව සහ ජාතියේ අනාගතය එක්ක නේද? මෙතුමාගේ මානසික සෞඛ්‍ය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වුනු පැමිණිල්ලට මොකද දන්නෑ උනේ. මොකද ඒ සම්බන්ධයෙන් අපටත් සැකයි.
තව තවත් පුදන්න. එතකොට ඔක්කම හරි යයි. මේවගේ ජනාධිපති කෙනෙක් ඉන්න එක මේ රටට මොනතරම් වාසනාවක්ද?
රටට විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ජීවිත වලට අනාගතයට මොනවා උනත් කමක් නැහැයි කියල හිතන දේශපාලකයින්ගෙන් සිදුවන හානිය ත්‍රස්තවාදීන්ගෙන් සිදුවන හානියටත් වඩා බරපතල වේ.
මෙතන තියෙන්නේ ඉදිරි මැතිවරණයට කොහොම හරි ජයග්‍රහණය කර ගැනීමෙ අභිලාෂයක් .සිංහලයන්ට මොන හෙනේ ගැහුවත් කිසිම නායකයෙකුට කම් නැත.අන්තීමට වෙන්නෙ ඉංග්‍රීසින්ට කියල උඩරට අල්ලා ගන්න ගිහින් වෙච්ච වැඩෙ තමයි .
ලෝකෙට විහිළු සපයන එකෙත් සීමාවක් තියෙන්න ඕන!
වැටත් නියරත් ගොයම් කා නම්.... මෙයා ජනාධිපතිට වශියක්වත් කරලද?
රටකට ඕනෑ අපමන අගයක්...
අපි මේ දකින්නේ යහපාලන හීනයක්ද??? ෂා.......... රටේ අනාගතය ..... නින්දෙන් අවදිවෙන්න හිතෙන්නෙම නැහැ.
මම,මටම මඩු වලිගෙන් තලගන්න ඕනේ !!
ජනාධිපති තුමා ගන්න හැම වැරදි තීරණයක්ම ගන්නේ හොදට හිතල හිතල වෙලාව බලල
ෂා.... නියමයි ......
සිරිසේනගේ දේශපාලන ජීවිතයේ අවසානයයි මේ.....
මොහුට වැඩ බලන ජනාධිපති තනතුර දුන්නානම් නේද හොඳ...!
රටේ සියලුම ජනතාව අතිගරු අගමැතිතුමාගේ වැඩපිළිවෙළට ආශීර්වාද කරනවා.
මෙයාගේ අරමුණ සුළු ජාතික ඡන්ද වලින් ඊළඟ පාරත් ජනාධිපති වෙන්න...
කාර්ය භාරය ඇගයීමක්.
තව තවත් දෙන්න ඔනේ මෙයාලට නම්.
වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ.. මෙහෙමත් ජනාධිපතිලා...
තව තවත් පුදන්න. එතකොට ඔක්කොම හරි යයි. මේවගේ ජනාධිපති කෙනෙක් ඉන්න එක මේ රටට මොනතරම් වාසනාවක්ද?
සහරාන් මොකද සිරාන් මොකද?
යන යකා කොරහත් බිඳගෙනමයි යන්නේ.
ලංකාවේ හැට දෙලක්ෂයක් ගොන්නු ඉන්නබව දැන් පේනවා නේද
අලුත් තනතුරුත් ඔක්කොම දීල හිස්බුල්ලෙක්ගේ චන්ද වලින් දිනාගන්න පුළුවන් කියල හිතාගෙන එති
ඔලුව මොංගල් කියල තවත් ඔප්පුකරන්න සාධක අවශ්‍යද?
මේ වගේ මෝඩ ජනාධිපති කෙනෙක් මේච්ර කාලයට ලංකාවේ හිටියාමයි. මෙයා මේතරම් රටට වෛර කරන්නේ ඇයි.