IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ජනපතිගෙන් සෝල්හයිම්ට තනතුරක්

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබෙි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී අද (12)සාකච්ඡා පැවැත්වීය. 

ජනාධිපතිවරයා සමග පැවති හමුවෙන් අනතුරුව ට්විටර්  පණිවිඩයක් නිකුත් කරමින් එරික් සෝල්හයිම් මහතා පවසන්නේ හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික අභියෝග පිළිබඳව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශිෂ්ට දැක්මක් තිබෙන බවත්  ඔහුගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත්වීම ගැන ආඩම්බර වන බවත්ය. 



අදහස් (12)

ජනපතිගෙන් සෝල්හයිම්ට තනතුරක්

sharm warn Wednesday, 12 October 2022 04:49 PM

එතකොට සෝල්හයිම්ට පඩිගෙවන්නේ රුපියල් වලින්ද? මේ අපිට තියෙන දැවෙන ප්‍රශ්නයක්ද? ළමයි පෙළපාලි අරන් ගියා කියලා නහින්න හදන අය සෝල්හයිම්ගේ අලුත් රස්සාව ගැන සතුටුයිද? මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ දේශගුණික විපර්යාසයද?

:       10       24

රනේ Wednesday, 12 October 2022 05:09 PM

මළ කෝලං...!

:       10       19

Lal Wednesday, 12 October 2022 05:25 PM

ගොඩක් හොඳ මුලපිරීමක්...

:       13       12

fairoos Wednesday, 12 October 2022 06:43 PM

ලංකාවේ ඉන්න අයටම පඩි ගෙවන්න බැරිව ඉන්න එකේ පිටරටින් උපදේශකවරයෙක්... මෙයානම් ළඟදීම කනවා හොඳ කෑමක්...

:       8       15

ජගත් ලියනගේ Wednesday, 12 October 2022 06:59 PM

පඩිය කීයද? ඕකට ලංකාවේ සුදුස්සන් නැත්ද?

:       4       10

SUNIL MILANO Wednesday, 12 October 2022 07:03 PM

මේ SHARM WARN වගේ අය ළිං මැඩියෝ... කරුණාකරලා ඔතැනින් එළියට පැනලා ලෝකයේ සිද්ද වෙන දේවල් මොනවද කියලා සොයා බලන්න...!

:       9       9

PereraThursday, 13 October 2022 03:59 AM

ලංකාවෙන් එලියට පේනගානවත් බැංකුවෙන් ඩොලර් දෙන්නේ නැහැ ලෝකයේ වෙන්නේ මොනවද කියලා බලන්න.

:       1       1

BamunuarachchiThursday, 13 October 2022 08:20 AM

ඔව් ඔව් දැන් ඔයා ඉතාලියේ ඉඳගෙන ලෝකේ දිහා බලනවා ඇති කියා අපිට හිතෙනවා. අපිලෝකේ දිහා බැලුවම දකිනදේ තමයි මෙහෙන් ඉතාලි ගිහිල්ල පුටු තල්ලු කරන එක.

:       1       2

chandima Thursday, 13 October 2022 06:08 AM

එදා අර්ජුන මහේන්ද්‍රන්, මෙදා සෝල්හයිම්.

:       1       2

Demuni Uduwara Thursday, 13 October 2022 07:01 AM

අපගේ අරමුදල් භාවිතා නොකරන්න!

:       0       1

AB Thursday, 13 October 2022 07:25 AM

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මෙහෙය විමසදහා ගෝලීය ආයතන සහ රටවල සේවය කරනලද සහ ඉහල තනතුරු හොබවන ලද පුද්ගලයන් පත් කර තිබේ. ඒ අතර Mark Carney U.N. special climate envoy සහ එරික් සෝල්හයිම් ප්‍රධාන වේ. ලෝකයේ ධනවත් රටවල් විශාල වසයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහට මුදල් ලබාදේ. මෙම පත්වීම ලංකාවට වාසිදායක වනු ඇත.

:       0       0

AB Thursday, 13 October 2022 07:41 AM

මේවනවිට ලෝකය පුරා සිදුවෙමින් පවතින තාක්ෂණික දියුණුව පසුපස සිදුවන්නාවූ විශාල විනාශයක් තිබේ. එය පරිසර හානියට වඩා විශාල හානියකි නමුත් කිසිදු රටක් එපිලිබදව මෙතෙක් ප්‍රකාශයක් කර නොමැත. එම සමාජ විනාශය පිලිබදව ලංකාවට නායකත්වය ගැනීමට හැකියාවක් තිබේ. එහි පළමු (pilot project) වියාපෘතිය ලංකාවේ අරම්බකර අධ්‍යනය කිරීම සදහා ජාත්‍යන්තර හෝ UN සහයෝගය ලබාගැනීමට හැකියවක් තිබේ මුදල් ආධාර පවා ලබාගැනීමට හැකිවනු ඇත . එය නියත වශයෙන්ම සාර්ථක වනු ඇත. අති බහුතරයක් ශ්‍රී ලංකිකයන්ගේද සහයෝගය මෙයට ලැබෙනු ඇත. සාර්ථක වීමෙන් පසු ගෝලීය අවධානය ලංකාව වෙත ලබාගැනීමට පමණක් නොව ලංකවට විශාල ප්‍රසිද්දියක් ලැබෙනු ඇත. මෙම වැඩසටහනට UN මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමටද හැකියාවක් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site