
(අංජුල මහික වීරරත්න)
මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි කුරුණෑගල එපිටොම් හෝටල් පරිශ්‍රයේ පැවති "අභිමන් 2024" උත්සවයට එක්වෙමිනි .
මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදෙන විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතික පත් හා සමරු තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සීයේ , ඔයා මොනවා කලත් අපේ ඡන්දනම් ඔයාට දෙන්නේ නැහැ.ඔයාව මේ කපේ ජනතාව විසින් පත්කරගත් විධායක ජනාධිපති වරයෙක් වෙන්නෙත් නැහැ.රටේ මිනිස්සු දැන් මෝඩ නැහැ,ඒ යට ඕනා නව දැක්මක් සහිත නව නායකයෙක් මිසක් ,ඔයාවගේ නාකි වලපයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මන්ද බුද්ධිකයෙක් නොවෙයි. අවුරුදු 40ම ඔයා ඔය බොරු බයිලා ගහනවා. අපිට අමතක නැහැ ඔයාගේ ෆොක්ස්වැගන් කාර් කොම්පැනිය ගැන එහෙම.හැමතැනම බොරු වපුරා වපුරා යන්නේ නැතිව චන්දෙන් පැරදිලා ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න හිතන්න.ඔබ විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන , හොරකම්,ජඩකම් වල විපාක ඔබ පසුපස එනබව අමතක කරන්න එපා.