(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ .
ඊට අදාළ ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත .
අදාළ ලිපියේ අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැති අතර පසුගිය අප්‍රේල් මස 04 වැනි දින ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධව ගනු ලැබූ තීරණයට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් මේ ලියුම මාධ්‍ය වෙත ලබා දිය යුතුයි නේද?
"වානේ මල්ලට ගුල්ලෝ ගහලා ඉවරයි. දැන් මොන පැලැස්තර ඇලෙව්වත් වැඩක් නැහැ. දැන් හිස් ගෙදරවල් වටලන තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මොකද ගෙවල්වල හිටිය අය හමුදා කඳවුරුවල නැත්නම් බංකර් වල හැන්ගිලාලු ඉන්නේ. 113 තියෙනවා කියල ලොකුපුතා ගේ අණින් ලේකම් සමඟ තව දෙන්නෙක් අත්සන් ගන්න ගිහින් තවම අත්සන් 45ක් වත් ගන්න බැරිවෙලා කියලයි කියන්නේ. නම්බු පිටින් අස්වෙලා අයින් උනේ නැත්නම් අර හැට නම ලක්ෂයේ නොවැම්බර් වරුන්ගේ වැඩි කොටසක් අයිති ජනතාවගෙන් වස නරක දේවල් කන්න වෙයි කියලත් කියනවා. සඳුදා වෙනකොට අයිය මලෝ දෙන්නගේ විරසකේ එළියට එයි කියලයි කියන්නේ. මේ විරෝධය දවස් දොළහෙන් හේදිලා යනවා කියල අර රතුනුල් කාර අම්මණ්ඩි කියපු අනාවැකිය නම් දැන් කැන්සල් වෙලා බොහොම දවසක්. ගෙදරට හමුදා ආරක්ෂාව දුන්නත් එයාගෙ නම් උන් හිටි තැනක් හොයාගන්නවත් නැහැලු." අනේ මන්ද. මාර වැඩේ ලංකාවට උනේ.
රටේ පාලකයාගේ පළමු වගකීම බුදුදහම ආරක්ෂා කරන එක. මේ තියෙන උග්‍ර ආර්ථික අහේනිය හමුවේ පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් ගැන සොයාබලන එක පාලකයාගේ වගකීමක්. ජනතාව අන්තිම අසීරු අවස්ථාවක ඉන්න නිසා රජයට විශාල වගකීමක් තියෙනවා. පන්සල්වාසී, අරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලාගේ සිව්පසය ගැන සොයාබලන්න. නැත්නම් ලියුමක් යවන්නවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් නැතිවෙයි. ස්වාමීන් වහන්සේලා ගැන නොසොයා, නොබලා සිටීමෙන් සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය පාලකයින්ට නොලැබීමෙන් රට තවතවත් උග්‍ර පීඩාවන්ට පත්වීම කිසිලෙසකින්වත් නැවැත්විය නොහැකි වනු ඇති...