
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
කබ්රාල් මහතා තමාගේ උපරිම විශ්වාසය දිනාගෙන සිටින්නකු බවත් ඔහු බොහෝ කටයුතුවලදී තමාට උපරිමයෙන්ම සහය වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය ඔහුට පවතින බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යට පත් නොවී රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා සිය රාජකාරි කටයුතු දිගටම කරගෙන යන ලෙස කබ්රාල් මහතාට දැනුම් දුන් බවද කීවේය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... තව මදි.
සාටකේ කොච්චර විතර ලොකුද දන්නේ නෑ...?
ඒක ගොඩක් හොඳ තීරණයක්...
සහතික ලත් සෝදා පාලුවෝ... ග්‍රීක් බොන්ඩ්ස් මතකනේ...!
මෙතරම් පලපුරුදු වෘත්තිකයින් සිටින රටේ මෙයාට තේරෙන හැටි තමයි. මෙයාට ගැලපෙන්නේ ගෙවතු අලංකාර කිරීම පිළිබඳ රාජ්‍ය ඇමැතිකමයි.
ඒවා නම් ඉක්මණට ආරංචි වෙනවා. තෙල්, ගෑස් පෝලිම් ගැන වගේ වගක් නෑ. ඒකෙන්ම තේරෙනවා බොරුව..
යන්න ලං වෙනකොට දොඩවනවා කියන්නේ ඕවාට තමයි. මහ බැංකුවට තියා සිල්ලර කඩේකටවත් සුදුසු නැහැ මේ අය.. තමන්ගේම ව්‍යාපාරය බංකොළොත් කරගත්ත කෙනෙක්... තමන්ගේම ව්‍යාපාරය බලාගන්න බැරිවුණු කෙනෙක්ට මහ බැංකුව දුන්නු කෙනා ඊටත් වැඩිය විකාරයක්...
මොලේ අවුල් කියන එකට හොඳම උදාහරණයක් මේක..
කබ්‍රාල්ට සහතික දෙනකොට ග්‍රීක් බැඳුම්කර මගඩිය, ඉ පී එෆ් අරමුදලින් කොටස් වෙළඳපොලේ නාස්ති කරපුවාටත් සහතික දෙන්න ඕනෑ.