(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්‍ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) රාත‍්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම් වලටද සහභාගී නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි පැවසේ.
බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇතැයි දැනගන්නට තිබේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.
තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩ වලට සහය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇතැයි වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවය.
තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) රාත‍්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දැනටත් කිසිම කටයුත්තකට සහාය දෙන්නේ නැහැනේ...
අපි නම් කිසි දවසක දැක්කේ නෑ එතුමා ආණ්ඩුවට සහයෝගය දෙනවා. ආපු දවසේ ඉඳන් කලේම කඩාකප්පල්කාරී වැඩ. බෝම්බ සිද්ධියත් ආණ්ඩුව පිටින් යවන්න ඔබතුමා සෑහෙන වෙහෙසක් ගත්තා. තේරීම් කාරක සභාවේ සාක්ෂි අනුව ජනතාවට පැහැදිලියි. ඇත්තටම කවුද මේකට වග කියන්න ඕනේ කියලා...
අද හෙටම ඔබතුමාගේ කාලය හමාර වෙන බව මේ උදවිය දන්නවා. එ් නිසා තම තමන්ගේ වාසිය ගැන හිතනවා. ඒ අතරම ඔබතුමා යනකල් බලන් ඉන්නවා.
ඔය කඹ ඇදිල්ල නිසා තමා පසු ගිය දා රටේ ආරක්ෂක යාන්ත්‍රනය අඩ පන වී, ත්‍රස්තවාදීන් එයින් ප්‍රයෝජනය ගත්තේ.
කරුණාකර අපට ඇත්ත දැනගන්න ඉඩ දෙන්න. අපි මේ රටේ ජනතාව. ජනතාව මෙම කරුණු දැන ගත යුතුමයි. රටේ ආරක්ෂාවට මෙම කටයුත්තෙන් තර්ජනයක් වෙන්නේ නැහැ.
ඔබතුමාලා කඹ ඇදීමේ තරඟයක් කරන බව අපි මහජනයා හොඳින්ම අවබෝධ කරගෙන ඇත්තෙමු.එය අපටත් රටටත් කරන මහ වරදකි.තවදුරටත් අපට එසේ නොකරන්න.
මෙවැනි විශේෂ කටයුත්තක නිරත කලයුත්තේ ඒ පිළිබඳ විශේෂ දැනුමක් සහිත අවංක සිතින් ගැටලුව නිරාකරණයට යොමුවන අරමුණ ඇති පුද්ගලයන් විනා කුමන හෝ පාර්ශවයක් හෝ මතයක් පෝෂණය කිරීමේ අරමුණ ඇතිවුන් හෝ යටගියාව දෝශ සහිත අය නොවේ
ඔබ තුමාලගේ මේ කඹ ඇදීමේ තරඟය අපි හෙවත් මහජනයාට කරන බරපතල වරදකි.ජාතියටම කරන අපරාධයකි.
ජනතාවට අයිතියක් තියෙනවා පාලකයන් කොයි අන්දමින්ද කටයුතු කරන්නේ කියල දැනගන්න.
දැන් නම් හංගලා වැඩක් නැහැ. ඇත්ත එළිවෙලා ඉවරයි. රටේ ආරක්ෂාවට මොකද වෙලා තිබුනේ කියලා මහජනතාව දැනගත්තා. මහජනතාව දුන්නු බලය යොදවලා දැන්මේවා හංගන්න කටයුතු කිරීම හරිද?
වගකීම පැහැරහැරි පුද්ගලයා හෙළිවීම වැලැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් වියහැකියි.
මේ ආණ්ඩුවනම් හත්පොලේ ගාගන්නවා.. මීට වැඩිය හොදයි ගමක ළමා සමාජයක්....
මෙයාව ජනාධිපති කරපු අපට තලන්න ඕනෑ මඩු වලිගයෙන්...
ඔය තමන්ගේ ගැලවීම සඳහා අනතුරු අඟවන්නට දැන් තියෙන උනන්දුව අර ඉන්දියානු ඔත්තුව ලැබුණු වෙලාවෙත් තිබුණානම් කොයිතරම් නම් ජීවිත බේරාගන්න තිබුණද?
මේක හරියට මුහුණ කැත නිසා නහය කපා ගන්නවා වගේ වැඩක්.
මේ කතාවමයි දැන් දවස් දෙකකට කලින් විජේදාස රාජපක්ෂ කිව්වෙත්
ඇත්ත හෙලිවෙනකොට කියනවා තේරීම් කමිටුව හරහා එයාට පහර ගහනවලු. හිටන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මෝඩ සෙට් එකක් කියලා. අනික කියන දේවල් කරන්නේ නැති බව අපි දන්නවා. මම බලන් ඉන්නේ කුඩුවලට සම්බන්ධ අය මාසයක් ඇතුළත එල්ලනවා කියපු එක... තාම මාසේ වෙලා නැතිව ඇති...
ඇමරිකාවේ සීඅයිඒ අධ්‍යක්ෂක වරයා මෙවැනිම තේරීම් කාරක සභාවක් ඉදිරියට ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම් මුළු ලොවම බලා සිටියා .. ඒක යූ ටියුබයේ තවමත් ඇත.
සෝභිත හිමි රොටිය පිච්චුණා කියල හිතේ දුකටම අසනීප වී අපවත් නොවන්ට 2015 දීම මේ ජනපතිට විරුද්ධව මහා උත්ඝෝෂණයක් හෝ උපවාසයක් කර මොහුව මකනු නියතය. ජනපති කරපු වැඩෙන් මුළු රජයම කන්න බැරි රොටියක් වගේ උනා කියලයි උන්වහන්සේ ඒ කීවේ. ස්වාධීන ජනපතිවරයෙකු ලෙස ක්‍රියා කරණ බවට වූ පොරොන්දුව කඩකර, රට හැදීම පසක තබා හිතුමතේට ශ්‍රී.ල.නි.ප යේ සභාපති ධුරය භාර ගෙන, ජනතාවට එපාවූ ශ්‍රී.ල.නි.ප.යේ පිරිසට බලවත් කැබිනට් ඇමතිකම් දීම නිසයි උන්නාන්සේ එහෙම කීවේ. තමන්ව බලයට පත්කළ යූඑන්පී යට අද දක්වාම පහර පිට පහර ගහමින් මොහු රනිල්ට අටවන උගුල්වල ඔහුම ඇමිණී ගැලවෙන්ට නොහැකිව දගලන්නේ සුත්‍ර දත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පළපුරුදු දේශපාලනඥයකු වූ නිසාය. මොහුගේ මේ අව කල්ක්‍රියාව නිසා රටේ ජනතාව හැම අතින්ම පීඩිතව හෙම්බට්වී සිටිති. මේ මොහුගේ වරද නොව තනිපුද්ගලයෙකුට මුළු රටේ බලය දුන් වරදයි. 19-ව්‍යවස්ථාවෙන් ජනපති බලය පාලනය නොකර ස්වාධීන කොමිෂන් ද නොතිබුනානම් අද රට මීට වඩා අනාථයි. රහත් නොවුණු හැමෝම ආත්මාර්ථකාමීය. එනිසා තනි පුද්ගලයෙකුට මුළු රටේ බලය නොදිය යුතුමය.
ආරක්ෂක ඇමතිකමවත් හරියට කරගන්න බැරි මොහු කොහොමද ඇමති මණ්ඩලයටම උපදෙස් දෙන්නේ? ලංකා ඉතිහාසයේ එකම දවසේ ත්‍රස්ත ප්‍රහාරයකින් වැඩිම ජීවිත ගණනක් විනාශ වී, ආර්ථිකයට මරු පහරක් වැදුනේ මොහු ආරක්ෂක ඇමතිකම සහ ජනාධිපති ධුරය දරන විට, මේ අවුරුද්ද අන්තිමේ මොහු ගෙදර යවලා... මොහුගේ විකාර නිසා රටට වුණු පාඩුවට මොහුට විරුද්ධව නඩු පැවරිය යුතුයි.
තරුණ දරුවනේ, හොඳට ඇස් ඇරලා මේවා දිහා බලාගෙන ඊළඟ ඡන්දයේදී කටයුතු කරන්න