
(සුජිත් හේවාජුලිගේ)
දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයිද ඔහු දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇහැරිලාද පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට පියවරක් ද ඇමැති මන්ත්‍රි හැන්ගිලානේ හිටියේ මේ වෙනකම්ම.
මෙය ඉතාමත් හොඳයි. මමද රටේ පොදු කරුණු කිහිපයක් දැනුම්දීම පිණිස කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුට ඇමතුම් ගණනාවක් ගත් නමුත් ඊට ප්‍රතිචාර නොවීය. එක් ඇමතිවරයෙක් කිසිසේත්ම ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන අතර අනෙක් ඇමතිවරයා ප්‍රතිචාර දැක්වූ සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර සිටියේ මම රැස්වීමක යන්න පමණි.
බොහෝම හොඳ පණිවිඩයක්. ඒ වගේම ඇමැතිවරුන්ට දුරකථන බිලට දෙන රුපියල් 10000 රුපියල් 2000 දක්වා අඩු කරන්න. මොකද රුපියල් 668ක් දැම්මාම මාසෙ පැය විසිහතරම වුණත් ඕනෑම ජාලයකට කථා කරන්න ඩයලොග් සිම් එකෙන් පහසුකම් දී තිබෙනවා.