(අංජුල මහික වීරරත්න)
සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අප්‍රිකා රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීය.
බොට්ස්වානා, ඇල්ජීරියා, ඊජිප්තුව, ඉතියෝපියාව, කොට් දි අයිවරි, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසෝතෝ රාජ්‍ය, ඝානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියා, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රියාව, සීෂෙල්ස්, සුඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මෙම සියවසේ අවසානය වන විට ඉන්දියාව සහ අප්‍රිකාව ද ඔවුන් අනුගමනය කරනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් මෙම රටවල් සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත්ය.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගෙන් අප්‍රිකා රටවලට ඉල්ලීමක්
ranjith Friday, 03 February 2023 09:36 PM
ඔන්න අන්තිමට අප්‍රිකා රටවල ගානට අපිත් වැටුනා.