(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත.
ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 350 ක් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අදහස දක්වා ඇති ජනාධිපතිවරයා තමා මෙම යෝජනාවට මීට පෙරද විරුද්ධ වූ බවත් මීට පෙර අනුමැතිය දුන්නේ ටැබ් පරිගනක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පමණක් බවත් පවසා ඇත.
ඒ සඳහා ටැබ් පරිගනක 1,83,000 ක් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා පවසා ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
එහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුදේ මේ වනවිට සකස් කර ඇති බව සඳහන් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ ආරක්ෂාවක් නැහැ ළමයි පාසල් යවනවද නැද්ද කියලා දෙමාපියන් දෙගිඩියාවෙන් ඉන්නෙ මේ අය ටැබ්වලට රණ්ඩු. අපෙ ළමයිට නම් ටැබ් වල අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට කලයුතු දේ බොහෝ තිබියදි කොමිස් නිසා ටැබ් දෙන්න දගලනවා.
රටම ගිනි අරන් ළමයි පාසල් නොයවා ගෙදර තියන ඉන්න තත්වයක් තියෙනකොට තමන්ට ලැබෙන කොමිස් කුට්ටියට කරන දේවල්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම ගැටළු අඩු පාඩු ඉවරයි, පරහකට තියෙන්නේ ළමයින්ට ටැබ් නැති එක විතරයි. ඒකත් දුන්නනම් සියල්ල සම්පුර්ණයි.. අනේ වාසනාවන්
අනෙකුත් ඒවා ගැනත් ඉතින් කවර කතාද?
ඔය ටැබ් උණ හැදිලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය විදේශික සමාගමකට විකුනන්නද? සමහර රටවල පෙළපොත් විෂය මාලා සේරම සමාගම් මගින් පාලනය වෙන්නේ. ඒ ක්‍රමය ලංකාව වගේ දුප්පත් රටකට ගැලපෙයිද? ගම්බද පාසල් වල දරුවන්ගේ දෙමව්පියෝ අන්තර්ජාල පහසුකම් වලට මුදල් වියදම් කරනවා තියා එදාවේල කෑම ගන්නවත් කුලී වැඩක් හොයාගන්න බැරුව ඉන්නේ. අන්තිමේ වෙන්නේ වැඩි වැඩියෙන් කොළඹට කිරි අපට කැකිරි වෙන එකයි. ඔන්න රටේම පාසල් වලට ටැබ් බෙදලා ලැප්ටොප් දීලා පටන්ගන්නවනම් කමක් නැහැ රටේ සැමටම එක හා සමාන අධ්‍යාපනයක් ලැබෙන නිසා. ඒ එක්කම ඒ ලබාගන්න සහතික ලෝකය මොන තරම් පිලිගනිවිද. ඔන්ලින් අධ්‍යාපනය පටන්ගත්තු රටවල පවා සමහර ආයතන ඔන්ලින් සහතික ඒ තරම් පිළිගන්නේ නැහැ.
අනේ මට නම් තේරෙන්නෑ අපේ ඇමතිවරු ජීවත්වෙන්නේ මොන ලෝක වලද කියලා. රටේ එක කොටසක දරුවන් ගස් යට ඩෙස් බැංකු නැතුව. මෙයාලට ටැබ් උණ. කොහෙන් හරි හොද කුට්ටියක්නම් ලැබෙනවා ඇති
ජනාධිපතිතුමනි, මේ ටැබ් සඳහා යන සියලුම වියදම් ශතයෙන් ශතය විගණනය කරන්න විගණකාධිපතිතුමාට උපදෙස් දෙන්න. මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනවානම් ඒ ගැනත් නෙත් යොමාගෙනම ඉන්න. මෙතන ලොකු මගඩියක් තියෙන බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධය නිවැරදිය. අප පාසල් සිසුන් හැටියට එතුමාගේ අදහසට එකඟ වන්නේ එතුමා අප වගේ පරිගණක යුගයේ පුරවැසියකු නොව පාරම්පරික 20 වන සියවසේ අධ්‍යාපනය ලැබූ නිසා වන්නට ඇත.
අකිල මහත්මයෝ මේකද රටේ දරුවන්ට අඩු ?
ගල් යුගයේ...
හොඳ කොමිස් කුට්ට්යක් වගේ.
මොන ළමයද දැන් ටැබ් ඉල්ලුවේ ? උසස් පෙළට ටැබ් එකක තියෙන අවශ්‍යතාවය මොකක්ද ? මේවා විහිලු නෙවෙයි. අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ මේ මිනිස්සුන්ගෙ හොරා කෑමක්. කන්න නැතිව බල්ලන්ට හැට්ට මහනවා. හැබැයි ඉතිං මේ මීය කඩන්නෙ අත ලෙව කන්න නෙවෙයි.
දරුවන්ට අඩු ටැබ් විතරයි. මුලික අවශ්‍යතා නැති පාසල් අනන්තයි. පරිනත ඇමතිවරු ඉද්දී කිසිම පරිනත කමක් නැති අකිල විරාජ්ව රනිල් අධ්‍යාපන ඇමති කලේ ඇයි කියලා රටම දන්නවා.
ටැබ් දෙන්න ළමයි ආරක්ෂාව සහිතව පාසලට එන්න එපාය. මෙහෙමත් මෝඩ අධ්‍යාපන සැලසුම් ලෝකේ මොන රටකවත් නැතිව ඇති. කාගේ හරි ව්‍යාපාරික සැලසුමක් මෙය පසුපස ඇති. ඔය ටැබ් දෙන වියදමින් ඉස්සෙල්ලාම පාසලේ ආරක්ෂාව තහවුරු කරන්න. ටැබ් ගන්න්න ළමයි කලින් ළමයින් ජීවතුන් අතර ඉන්න ඕන.
ටැබ් ටැබ් ටැබ්. නවත්තන්නකො ඔය කතාව. ඇහිලා එපාවෙලා තියෙන්නේ.
මේ ගැන හොයන්න ඕන. එක්කෝ මේකේ ලොකු කොමිස් එකක් ඇති එහෙම නැත්තම් ත්‍රස්තවාදයෙක් ඉන්නවාද දන්නේ නෑ මේ ගෙන්වීම පිටිපස්සේ. මාට්ටු වෙන්න ඉස්සෙල්ලා ඩීල් එක ඉවර කරන්න හදනවා වෙන්නත් පුලුවන්. ඉතින් මේකත් එකෙම ඩීල් එකක් වෙන්නත් පුලුවන් නේද. මාධ්‍ය මහත්තුරුත් පොඩ්ඩක් මේක හොයලා බලන්න.
ප්‍රමාද වී හෝ ගත යුතුම ක්‍රියා මාර්ගයක්. අඩු පාඩු තිබුණත් නව ලොවට පිවිසෙන දොරටු සියල්ල සම්පුර්ණ වන තෙක් කියා නවතා දැමීම කල යුතු නැහැ. මම නම් හදවතින්ම සුබ පතනවා.
හා හා කොහොමද සිරිසේන උන්නැහේ මහින්ද මහතාට රිද්දන්න 19 සම්මත කොරගෙන කෙලව ගත්තා නේද? අපි ජාධිපති බලතල තිබෙන්නේ ඕනේ කියන්නේ ඔය නිසා. ආයිත් මේ සම්මතේ එජාපයේ ජනාධිපති කෙනෙක් එන්නේ නැත ඒ නිසා ජනාධිපතිට බලතල තිබිය යුතුය.
පන්ති තියන්න ගොඩනැගිල්ලක් නැති ඉස්කෝල තියෙනවා. මේ අය කෝටි 350 ක් වියදම් කරලා ටැබ් දෙන්න යනවා. අපේ රටේ පාලකයන්ගේ ඔලු මේ රට හදන්න ගැලපෙන්නේ නැහැ.
ඡන්දෙත් ලග නිසා ගානක් කපා ගන්න කරන වැඩක් විතරයි
මහා පොත් කන්දරාවක් උස්සගෙන යන වැඩේට වඩා ගොඩාක් හොදයි. හැබැයි හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ටැබ් එක හරියටම වැඩ කරන්න ඕනේ ළමයින්ගේ පාඩම් වෙලාවට. එකයි මෙතන තියන ප්‍රශ්නය. අනික තමයි මේවගේ කකුලෙන් අදින සිරිසේන ජනපතිගේ අන නොතකා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාත් ආරක්ෂක ඇමති දුරයට පත් කරන්න ට්‍රයි කරන්න. එතකොට ජිවත් බයවෙන්න ඕනේ ද? .
පිටිසර පලාත්වල සමහර පාසල් වල ගොඩනැගිලි පවා අබලන්ව පවතින බව මාධ්‍යවලින් පෙන්නලා දෙනවා. අඩු ගානේ ඒවා ගැන වත් බලන්නේ නැතුව මොකෝ මේ `ටැබ් කුලප්පුව` .. කාගේ ඕන කමකටද? බොහොම ඉහල කොමිස් පාරක් වදිනවා ඇති, අධ්‍යාපන ඇමති තුමාට! දිය යුතු දේවල් දෙන්නේ නැතුව අනවශ්‍ය දේවල් බලෙන් දෙන්න හදන පුදුම දේශපාලුවෝ නේ, අපේ රටේ ඉන්නේ!
හොඳ දෙයක් කරන්න ගියත් නරක දේ කරන්න ගියත් මිනිස්සු විරුද්ධයි. ඒ මේ රටේ මිනිස්සුන්ගේ හැටි. කලත් වැරදියි නොකලත් වැරදියි. අවශ්ය නම් මහ පාර අවහිර කරල මේකට විරුද්ධව උද්ගෝශනය කරන්නත් කෙනෙකුට පුලුවන් මිනිසුන්ව පොලඹවන්න. මේ රටේ හැමදෙයක්ම දිහා බලන්න මිනිසුන් පුරුදුවෙලා හෝ පුරුදුකරවා තියෙන්නේ තමන්ගේ දේශපාලන ලැදියාව අනුව. අතලොස්සක් හැරෙන්න යමක් ගැන තර්කානුකුලව හිතල තීරන ගැනීම අපේ මිනිසුන්ට හුරු නෑ. මේකයි ඛේදවාචකය.
"කොමිස්" කොතරම් බලසම්පන්නද කියල දැන් තේරෙනවද? බල්ලට රට කොමිස් අපට...!!!
මේ වගේ සීනිබෝල වැඩ කරන්න අගමැතිතුමා හරි දක්ෂයි , කොළඹින් පිට පොඩ්ඩක් ගිහිල්ල බැලුවනම් හරි ඒ පාසල් කොච්චර අඩුපාඩු තියනවද කියලා
කොමිස් කුට්ටියට මේ පෙරේත ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හිරිකිතය. ගස් යට ඉන්න ලමයි වෙනුවෙන් වැඩපිලිවෙලක් හදන්න කිසිම උනන්දුවක් නැති මොවුන්ට මෙයට තිබෙන උනන්දුවෙන්ම ඇත්ත තේරුම්ගන්න පුලුවන්.
තව අවුරුද්දෙන් අඩුතරමින් ඔය එලෙවල් ඡන්ද් 50% වත් ලබාගැනීම පරමාර්තයනම් ඒවා හරියන්නේ නැහැ. මොකද අලුත් ඡන්ද ගැම්මට දෙන්නෙ අවංකව රට ගැන හිතලා. ඔවුන් කාගේවත් බැලයෝ වෙන්ඩ කැමති නෑ.
අඩුම තරමෙ ලෙඩ සහිත ලැප්ටොප් දීම නවතා ඕවා විශ්වවිද්‍යාල සිසුන්ටවත් දුන්න නම් ඔවුන් ඒවායේ නියම පල ප්‍රයෝජනය ලබා ගනීවි..
මීට වඩා හොඳයි උසස් පෙළ කොල්ලන්ට ක්‍රිකට් පිත්ත ගානේ දුන්න නම්. ඇමතිය එනකොට හොඳට පාවිච්චි කරයි.
මම හිතනවා මේ රුපියල් කෝටි 350 මීට වඩා පාසල් වලට අවශ්‍ය දේකට වියදම කල යුතුව තිබුනා.
මේ රටට ජනාදිපති වරයෙක් අවශ්‍ය නැත
ළමයි ස්කොලේ එන්නේ නැති නිසා ගෙදර ඉඳන් ඉගෙන ගන්න වෙන්න ඇති ටැබ් දෙන්නේ.
ටැබ් හැමෝටම දීලා තිබුණා නම් පවතින මේ දුෂ්කර කාලවකවානුවේදී දරුවන්ට නිවසේ සිට ගුරුවරු හා සම්බන්ධ වී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා.
මෙහෙමත් මෝඩ මිනිස්සු, මේ අය නම් ඉන්නෙ ගල් යුගයෙ ලිදක් අස්සෙ. මගෙ පුතාට අවුරුදු 6, ඉස්කොලෙ ඉගෙනීම තනිකරම ටෑබ් එකෙන් හරි කොම්පියුටර් එකෙන්. මෙහෙ ලමයිව නව තාක්ෂණයට යොමු කරන්නෙ මේ විදිහට. කරුනාකරලා මේ ලමයිගෙ අනාගතේ විනාශ කරන්න දෙන්න එපා පටු විදිහට හිතලා. ඉස්කොලෙවට අඩු පාඩු ඈති, නමුත් මේ වගේ දෙයක් එක්ක ඒවා සසදන්න එපා. මේක් ඉතා අගනා දෙයක් ලමයිට දෑනුම වෑඩි කරන්න. අපේ අය හිතන්නෙ ටෑබ් කොම්පියුටර් තියෙන්නෙ වල් වෑඩ කරන්න කියලා. ලිදෙන් එලියට එන්න කස්ටිය.
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී එපා කියද්දී ඇයි මේ ටැබ් දෙන්න මෙච්චර දගලන්නේ අකිල ඇමතිතුමා. ටැබ් දෙන්නත් කලින් කොමිස් එක අරන් ඉවර ඇති. දැන් දෙන්නම වෙනවා නේ. 5% කොමිස් එකක් ගැහුවත් කොටි 17.5
මෙතන තියෙන අරමුන පැහැදිලි, උසස් පෙල සිසුන් තමයි ඉලගට ඡන්ද දායකයන් වෙන්නෙ, කෙලින්ම ලක්ශ ගානක් ගොඩ දාගන්න පුලුවන්, නැත්නම් විශ්ව විද්‍යාල සිසුන්ට දෙන්න තිබුනනෙ, ඔව්න් දන්නවා උසස් පෙල සිසුන් තමා ලේසියෙන් නම්ම ගන්න පුලුවන් කියලා
හයිටි රජයේ තරුණ පරපුර විනාශකළේ ටැබ් දීලා , අපේ තරුණ පරපුරටත් එම විනාශයම කරන්නට පරගැත්තෝ මානබලති.
මේ කඹ ඇදිලි ප්‍රචාරය වීමෙන් මහජනයා තුල ඇතිවෙන්නේ තව තවත් විශ්වාශය බිඳ වැටීමය. කලකිරීම ඇතිවීමය.
මේ මගින් දරුවන්ට සමාජ මධ්‍ය ජාල වලට අවතීර්ණ වෙන්න පුළුවනි නම් අන්තවාදීන්ට මේ ළමයි ගොදුරු කරගන්න හැකි වෙයිද මේවා ගැනත් හිතල තීරණ ගත්තොත් නේද හොද.
මේකේ කොමෙන්ට් දාල තියන අම්බරුවෝ කොච්චර කුහකද කියල පේනවා. පාසල් වල අඩු පාඩු ගැන කියන්නේ විෂය නිර්දේශයට අදාළ පාඩම් සහ ටෙස්ට් පරිඝනක ගත කලාම ළමයින්ට ටැබ් එකෙන් ඕන තැනක ඉඳන් ඉගෙනේගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න බැරිද?
දැන් මෙතන කට්ටියක් කියනවා කොමිස් ගහනවලු. ඉතින් දන්නවා නම් ඇයි අල්ලස් කොමිසමට යන්නේ නැත්තේ? කට්ටියක් කියනවා ඉස්කෝල්වල වෙන ප්‍රශ්න තියෙනවලු. හැබැයි ටැබ් දුන්නොත් ඔය අයගේ ළමයින්ට ගන්න එපා කියනවද? නෑනේ. අනික ළමයින්ට ටැබ් දෙන්න ඉස්කෝලවල තියෙන සියලුම ප්‍රශ්න විසඳෙනකම් ඉන්න ඕන කියලා දෙයක් නෑ. ඉන්දියාවේ ලමයි වැසිකිළි, සෙරෙප්පු නැතිව හරි තොරතුරු තාක්ෂණය ඉගෙන ගත්තා. අද ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් කොතනද ඉන්නේ?
පාලන අධිකාරියේ නාකයින් හට එකට වැඩ කරන්න බැරි ආණ්ඩුවකින් රටට පලක් තියේවිද? යම පාලනයකින් යහපාලනයක් හොයාල අපිත් කරගත්තු මෝඩ කමක හැටි!
මට නම් මේක ඉතාම හොද පුවතක්. මම ඉන්නෙ විදේශ රටක. මගේ මාමා දුශ්කර පාසලක විදුහල්පති කෙනෙක්. එයාගෙ පාසලේ බිල්ඩිමක වහලය අලුත්වැඩියා කරල දෙන්න පුලුවන් ද කියල ඇහුව ටික කාලෙකට කලින්. බලදාරීන් කරල දෙන්නෙ නැති නිසා. මම මගේ යාලුවො දෙන්නෙකුත් එකතු කරන් වැඩේ කරල දුන්න. වැඩ ඉවර වුනේ දෙසැම්බර් අග. තව එක බිල්ඩිමක් තියෙනව. ඒකෙ වියදම මට දරන්න බැරි නිසා ඒක මම ඉගෙන ගත්ත පාසලේ ආදිශිෂ්‍ය සංගමයෙන් කරන්න මම කටයුතු සංවිධානය කරල තියෙන්නෙ. දුශ්කර පාසලටත් ටැබ් දුන්නොත් අලුත් බිල්ඩිමේ වහලෙ උලු වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. කොහොමත් ඒව පාවිච්චි කරල උගන්වන්න ගුරුවරු ඒ පාසලේ නැතිත් එක්ක.
රටේ ආරක්ෂාවට හෝ එදා පාස්කු ඉරිදා දින වූ ඛේදවාචකය දැන දැනත් ඒ සඳහා නිසි පියවර ගැනීමට නොතිබූ ටැබි දීමට තිබූ මේ උනන්දුව මොකක්ද. ඊලග ඡන්දෙන් මේ කාලකන්නි පැරදෙන බව මුන් දන්නවා. මුන් දැං හදන්නේ ඉන්න ටික කාලෙද බැරිවෙච්ච සීනී බෝල වැඩ ටික සම්පූර්ණ කරල කොමිස් ටික කඩා ගන්න. එහෙම නැතුව ලංකාවෙ ළමයි ගැන දුකක්වත් මේ රට සංවර්ධනය කිරීමේ හෝ නූතන ලොව කරා ගෙන යාමේ උනන්දුවක්වත් මේ පරයින්ට නැත. නූතන ලොක්යට අපේ ළමයා ගෙනයා යුතු නම් මේ කල යුත්තේ ටැබ් දීම නොව යල්පැන ගිය විෂයමාලා වෙනුවට නිර්මාණශීලි පර්යේෂනාත්මක බවින් වැඩි ව්ෂයමාලා හදුන්වාදී ගුරුවන්ට නිසි පුහුණුව ලබාදී ඒවා පාසැල්වල ඉගැන්වීමට කටයුතු කිරීම හා හැම පාසැලකටම ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. නොදකින් මේ අය අපිට ආයෙත් දක්නිනටවත් නොලැබේවා.
ඕක ඉතින් අහන්න දෙයක් නොවෙයි ... බුද්ධ පුජාව පුජා කරන්නත් ඉස්සෙල්ල ... එකේ තියන මාලුකැල්ල හොරෙන් ගිලින මනුස්සයෝ ඉන්න රටේ ඕක මොකද්ද ..
ජනපතිතුමනි, ඔබේ දරුවන්ට ඔබ කොම්පියුටර් අරන්දුන්නා නේද ඉගෙනුම පහසු කරගන්න. ඇයි ඒ පහසුකම් සාමන්‍යය මිනිස්සුන්ගේ දරුවන්ට ලබාදෙනවට අකමැති වෙන්නෙ.
කුහකයෝ මොනවා කිව්වත් මේක හොද වැඩක්
මේ ටැබ් එකෙන් උගන්වන්නේ මොනවද? ඒවා රටේ හැම උසස්පෙළ ළමයාටම දෙනවා නම් ඒ ළමයින්ට මේවායෙන් උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්නවද? එහෙම නැත්නම් ළමයින් මොකද කරන්නේ? ටැබ් එකෙන් අවශ්‍ය ප්‍රයෝජන ගන්න යටිතල පහසුකම් තිබෙනවද? මෙයින් ළමයින්ට සහ සමාජයට සිදුවන හොඳ සහ නරක දෙකම හිතලා අවශ්‍ය පිළියම් යොදලා තිබෙනවද? මේ සියල්ලම හොයලද මේවා දෙන්නේ නැතිනම් රත්තරන් බ්‍රේස්ලට් දෙන්න හිතුවා වගේ ඡන්දෙ විතරක් බලාගෙනද? මේ අපේ රටට වැහි නැති හෙන පාත්වෙන වෙලාවක මේ වැඩේ කරන්නේ... මම ඉන්නේ පිටරටක, වැඩ කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඉගැන්වීම සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ආයතනයක. මේ ඉතාමත් දියුණු රටේ ළමයින්ට ලැප්ටොප් දෙන්නේ ඔය කියූ සියලු දේ බලලා...
එක පාට කණ්ණාඩියකින් බලන ඔයාලා වගේ අයට නම් එහෙම වෙන්නැති..
19 පාස් කරගෙන ඇන ගත්ත ගම රාළට හොඳ පාඩම. අපේ රටට විධායක බලතල උපරිමයෙන් අවශ්‍ය බව දැන් වත් තේරුම් ගත්තොත් හොඳයි.
ඕක තමා රටෙහි තියෙන එකම අඩුපාඩුව.
රටේ ආරක්ෂාවට අධි තාක්ෂණය එපා
ටැබ් එක විතරයි අඩු සමහර පාසල් වල ළමයින්ට යන්න වැසිකිලියක් හරියට නෑ.