
(ළහිරු හර්ෂණ)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් විහාරස්ථානවලටත්, කොවිඩ් වසංගත තත්වයෙන් හා ගංවතුරින් පීඩාවට පවුල්වලටත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදාදීමට පියවර ගත්තේය
පීඩාවට පත්වූ විහාරස්ථාන හා පවුල් වෙත බෙදාදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් වෙත භාරදීම එම විහාරස්ථානයේදී සිදුකෙරිණි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා සහ එම පාර්සල් ලබාදීමේදී අනුග්‍රාහකත්වය දැක්වූ පිරිස් අතින් අදාළ පාර්සල් තොගය සංකේතාත්මකව කිරින්දේ අස්සජි හිමියන්ට බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයොයි, ලොක් ලොක්කොයි ඇරුණාම මුලු රටේම සාමාන්‍ය ජනතාව ආපදාවට ලක්වෙලානේ ඉන්නේ... කෝ ආධාර... ?