(ක. ග.කරුණාරත්න)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වගකිව යුත්තන් කවුරුන්ද යන්න හෙළිදරව් වන හෙයින් ඵ් සඳහා ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මේවනවිට යටගසා තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද (20) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියාසිටියේය.
බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන්න ජනාධිපතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කලා. දැන් මේ වෙලාවෙ අපි අහනවා ඒ පත්කල ත්‍රිපුද්ගල කමිටු වාර්තාව කෝ ? ඒ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව යටගිහිල්ලා.‘ යැයි පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යට ගැසීම් නිසා අපේ ජනතාව තමයි විනාශ වෙන්නේ.
කමිටු වාර්තා ඕනෙද වෙච්ච සිද්ධියට සම්බන්ධ " මුරුගයන්" සොයන්න . බාලන්සේ දරුවෙකුත් දන්නවා කවුද වගකියන්න ඕනේ කියලා.
ඔය කමිටු වාර්තා ගැන අපිටත් විශ්වාසයක් නෑ තමයි. එත් මේ කමිටු වාර්තා සහ නීති සම්පාදනය ගැන කතා කරන අය , සැබෑ ප්‍රශ්න ගැන අවබෝධයක් නැති, ඕනෑම ඛේදවාචකයකින් බලයට එන්න උත්සහ දරන පරිසක් පමණක් වීම අපේම අවාසනාව නෙමේද?
මේකේ වාර්තාවක් සාටකටත් දුන්නා නේද ? එහෙනම් පුළුවන්නේ ඒක හෙළිකරන්න . මෙවුන් සේරමලා කරන්නේ ජනතාව ගොනාට අන්දවන එකයි කියා බමුණන්ට හැර අන් අයට දැන්වත් තේරුම් ගන්නට මොලය පැදේවා .
මේ කමිටු වලට වියදම් කරන්නෙත් මහජන මුදල් නේද කෝ අනේ වාර්තා...... මහ බැංකු වංචාවේ වාර්තාවත් තවම එලියට දාල නෑ නේ නේද?
දැන් මොන වාර්තාවද උඩ අවේ? හැම එකම යට ගියා. බර වැඩිනම් යට යනවා, සැහැල්ලුනම් උඩ එනවා.
කමිටුව පත්කලේ ජනපතිනම් එහි නිර්දේශ අනුව කටයුතු කිරීම එතුමා විසින් කල යුතුයි. එය යට ගැසුවනම් වෙනත් කෙනෙක්ට කරන්න බැහැනේ. ජනපතිට වඩා ඉහලින් කිසිවෙක් නැහැනේ.
අන්තිමට නටපු තොවිලෙකුත් , බෙරේ පලුවකුත් දෙකම නැහැ
කව්ද කැමති සියදිවි නසාගන්න තියෙන සැප අතහැරලා.
සති දෙකක් ඇතුලත වාර්ථාවක් සපයන ලෙස ජනපති එම කමිටුවට උපදෙස් දුන් බව ද, එම වාර්ථාව ලැබුණු පසු සියල්ල ජනතාවට හෙලි කරන බව ද ජනපති ප්‍රකාශ කළ බව මතකයි. ඔවුන්ට තාම ඒක අවසන් කරන්න බැරි වෙලා ද? ... දිගින් දිගටම ජනතාව රැවටෙනව කියල තමයි හිතෙන්නෙ.
ඕනෑම දේකට කමිටුවක් පත් කර ජනතාවගෙන් සැබෑව වසන්කර ගැනීමේ උපක්‍රමය බොරුවෙන්ම , කපටි කමෙන්ම ජීනත්වන පුද්ලයාගේ තවත් න්‍යායක් පමණි
එල්ලුම් ගහේ මල් පිපිලා ගෙඩි හැදුනට පස්සේ කියයි
කාදිනල්තුමනි,මේ වාර්තාව ගැන අදාල අය කැඳවා විමසීමට එකම සුදුස්සා ඔබතුමාය.
මෙය අපේම ආරක්ෂාව බැවින් ආගම බේදයෙන් තොරව මෙම ප්රශ්නයේදී අපි ඔබ සමගි. මේ ගැන වහාම ක්‍රියා කරන්න.
ඕව ජනතාවගේ මුදල් කාබාසිනියා කරන දේවල් කියන එක හැමෝම පිළිගත යුතුයි.
මේ කමිටු වාරතාවල් ගැන ජනතාවට කිසිම විශ්වායක් නැහෙ. මේවා ජනතා මුලා කරන වැඩ.
මම කිව්වේ දේශපාලනේවත්, නීතියවත්, පාර්ලිමේන්තු ප්රජාතන්ත්ර්රවාදය ගැනවත් නොදන්න මේ වගේ ගොබ්බයෝ, මහා පණ්ඩිතයෝ වගේ මිනිස්සුන්ට දේශනා පවත්වන එක විහිළුවක් කියලා.