(විනීතා එම් ගමගේ)
            
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කටයුතු කරමින් වහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එහි දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හදා දෙන්නට තමන්  සුදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
ප‍්‍රශ්නය තුනෙන් දෙක නම් ඒ ගැන කිසිසේත්ම ආණ්ඩුව බියවිය යුතු නැති බව ද ජයසේකර මහතා කීය.
එසේ මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව පවතින විරෝධතා සඳහා තම පක්ෂය ද පාරට බසින බව කී පක්ෂ ලේකම්වරයා එමෙන්ම මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව තම පක්ෂය ද පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ද අධිකරණය ඉදිරියට යාමට සුදානමින් සිටින බවත් ප‍්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ ප‍්‍රශ්නය පවතින්නේ සභාපතිවරයාගේ නොව මැතිවරණ එපා යැයි කියමින් අධිකරණයට යන කොමසාරිස්වරයෙක් එහි හිඳීම යැයි ද හෙතෙම කියා සිටියේය.
ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප - ගයාන් අමරසේකර)


 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපතිගේ කැබ්නට් පත්‍රිකාව අනුව මැතිවරණය පවත්වන්නැයි දයාසිරි කියයි