(අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සබ්රි මහතා මේ බව දැනුම් දී ඇත.
තමා ආණ්ඩුවට සහාය දෙන බවත් එහෙත් මුදල් ඇමති ධුරය භාර ගැනීමට සූදානම් නැති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අවශ්‍යම මොහොතකදී ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය බාරගැනීමට සමගි ජනබලවේගයේ ආර්ථිකය පිලිබදව කතාකාරනාවූ කණඩායමට ලබාදෙන්න.
මුදල් ඇමතිකම බාරගන්න පුළුවන් කෙනෙක් පොහොට්ටුවේ නෑ. පාර්ලිමේන්තුව ඉන්නෙ ඒ සඳහා දෙන්නයි දෙන්නම සජබේ. කරුණාකර ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන්න එතකොට මිනිස්සු ඩොලර් එවයි ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්නෙ රාජපක්ෂ කෙනෙක් නැති වුණොත් විතරයි
ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් ඇමති කරන්න.
කරන්න බැහැ කියලා හොඳටම දන්නවා එකයි.
ජාතික ලැයිස්තුවෙන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව පත් කරන ලෙස ඉල්ලා සිටිමි.
මෙතරම් ආර්ථික ව්‍යසනයක රට හිරවෙලා ඉද්දිත් ජනාධිපතිගේ තීරණ අධුරධර්ශි වෙලා.
අහලා බලන්නකෝ රවී කරුණානායකගෙන්...!
එකම සුදුස්සා රවී කරුණානායක....
"කලකදී රහලු... කලකදී වහ වෙනවාලු."
නැව ගිලෙනවා..!
මට බැරිද ඕක බාර ගන්න...? මට පුළුවන් හොඳටම කරන්න...
මම හිතන්නේ ඥාණාඅක්කා තමයි සුදුසුම කෙනා..!
ඕක දෙන්න බැරිද අර රත්තරන්ට හරි, චොකා මල්ලිට හරි...?
බැසිල්ට දෙමුද?
රනිල්ව පතුරු ගහපු සෙට් එක නේද?ලැජ්ජයි හලෝ...!
මගේ තේරීම හර්ෂ ද සිල්වා. මෙම අත්දැකීමත් එක්ක ඔහුට ඉතිරි ආණ්ඩුවකදී ඉතා හොඳ තැනක් ලබා ගැනීමටත් ගැනීමට සුදුසුකම් ලක්වෙනවා.
ඔහු දක්ෂ හා උද්යෝගිමත් පුද්ගලයෙකි, ඔහු විෂයයන් පිළිබඳව පර්යේෂණ කර ඇත. ඔහු අපේ රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මට සැලසුම් තිබේ.
අලි සබ්‍රි මැතිතුමා මුදල් අමාත්‍ය ධුරයට සුදුසු වුවත් මේ අවස්ථාවේ ප්‍රතික්ෂේප කිරීම අගය කළ යුතු ක්‍රියාවක්. දැන් මේ තනතුර අගමැතිතුමාගේ මතය අනුව පොහොට්ටු නොවන මන්ත්‍රීවරයෙකුට පුදානය කිරීමයි ඉතා සුදුසු.
සීනි බදු වංචා වැනි දේ ආපසු අය කර ගැනීම ගැන වචනයක්වත් කතා නොකර සබ්‍රි රනිල් හැමෝම කියන්නේ ජනතාවට බදු ගහන එක තමයි පියවර කියලා. ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි ඒකට විරුද්ධව කතා කළේ.
බැරි වැඩ බාර නොගැනීම හොඳ ගුණයක්. ඔය වැඩේට අනුර කුමාර හොඳ නැද්ද? හැබැයි එන් එම් පෙරේරා මැතිතුමා බාරගත්තා එත් කරපු මගුලක් මගේ මතකයේ නැහැ. ලොකු සල්ලි කොල අලුත් කරා විතරයි.
ඔහුට පුළුවන් කියා සිතන්න සාධක මොනවාද? සුදුසු කම කයිවාරුවද නැතිනම් අත්දැකීමක් තිබෙනවාද?
ඔහුගේ ක්‍රියාව 100% ක් හරි.
සබ්‍රී හොඳට කරගෙන ආවා මුදල් ඇමතිකම. කොන්ද කෙලින් තියන් ගත්ත තීරණයක් කියලා හිතෙනවා.
වහා සලකා බැලීම සඳහා: 1. සියලුම රජයේ නිවාඩු දින වසරකට ව්‍යාපාරික දින 10 දක්වා සහ රජයේ සහ ව්‍යාපාරික අංශය සඳහා පුද්ගලික දින 5ක් වසර පහක අත්හදා බැලීමේ කාලයක් සඳහා අවලංගු කරන්න. මෙමගින් ඵලදායිතාව වැඩි දියුණු වන අතර රට තම දෙපයින් නැඟී සිටිය යුතු බවට පණිවිඩයක් ලබා දෙනු ඇත. 2. අමතර ණය මාර්ග සහිත කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති විශාලතම සමාගම් දහයකට රජයේ සංස්ථා හරහා යාම වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සහ බෙදා හැරීමට ඉඩ දෙන්න.