
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා නාස්තිය දූෂණය පිටු දැක ආදර්ශමත් දේශපාලනඥයකු ලෙස කටයුතු කීරිම ඇතැමුන්ට කරදරයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
විපක්ෂය සහ අවස්ථාවාදී දේශපාලනඥයන් ආණ්ඩුව කරන හොඳ දේවල් අමතක කර තාවකාලිකව ඇතිව තිබෙන අමාරුකම් ගැන කියමින් ජනතාව නොමඟ යවමින් බොරු කලබලයක් ඇති කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා අද (2) ශ්‍රි දළදා මාළිගාව වැඳ පුදා ගෙන මල්වතු අස්ගිරි මහහිමිවරුන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දුටු අමාත්‍යවරයා උන්වහන්සේලා හමුවේ මෙි බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ ආදර්ශ ගැනනම් කතා කරලා වැඩක් නෑ. අයියට ජෙට්යානා වලින් ශිව දෙයියන්ගේ මොකද්ද එකක් කිරිවලින් හෝදන්න ඉන්දියාවට යන්න ඩොලර් දුන්න අතරේ අර ජුබිලි කණුව හන්දියේ දී පසුගිය දෙසැම්බර් 29 දා තමන්ගේ දරුවට බඩගින්නට බොන්න දෙන්න කිරි පිටි පැකට්ටුවක් සල්ලිවලට ගන්න පෝලිමක රස්තියාදු වෙමින් සිටි කෝපයට පත් මිනිසුන්ගෙන් සහ ගෑණුන්ගෙන් හූ හඬ කාගෙන කෝපයෙන් පුපුරමින් ගෙදර ගිහින් සීඅයිඩී එක ලවා හූ වේ ෆේස්බුක් පෝස්ට් ෂෙයාර් කළ කාන්තාවන් අත් අඩංගුවට ගන්න නියෝග කලේ හොඳ වයින් ආදර්ශයක් රටට දෙන්න වෙන්න ඇති නේද මහත්තයෝ...!!!
ඔබවහන්සේට ලංකාවේ තත්වය මෙතුමා කියලා තමයි දන්නවා වෙන්න ඇත්තේ..
සීනි වංචාව, පොල්තෙල් වංචාව, ගෑස් වල වංචා වාගේ දේවල්ද මේ පිටු දකිනවා කියන්නේ? ඒවා නම් ඉතින් හොඳටම කලා කියලා අපිත් දන්නවා...
ඇමතිකම රැකගන්න සර් කියන ඕනැම දේකට ‘ යස් සර්’ කියන්න එපායැ.
දූෂිත දේශපාලුවන් කාගෙකාගේත් කෙරුවාවල් ගැන ලෝකෙම දන්න එකේ... ඇමැති බොරු බේගල් ගහලා හාමුදුරුවරුත් ගොනාට අන්දවන්න හදනවා. ලැජ්ජයි, හිරිකිතයි, නින්දිතයි...
විශේෂයෙන් ජෙප්පෝ හැතිකරයට කරදරයක් වෙලා.
ජනාධිපති නාස්තිය දූෂණය පිටු දැක ආදර්ශමත් දේශපාලනඥයකු නම්, නඩුවලට මුහුණ දී තමාගේ නිර්දෝෂ භාවය ඔප්පු කරන්න තිබුනා. අද ආණ්ඩුවේ පාර්ශවයත් කියනව ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම අසාර්ථක කියල. ජනාධිපතිගේ ප්‍රතිපත්තිය උඩ මෙයා දිගටම මෙයා සිටිනවා බව කියනවා. කරන්න බැරි ප්‍රතිපත්තිය වෙනුවෙන් මෙයා ඉන්න හේතුව ඇමති දුරයේ භුක්ති විඳින්න මිස වත්මන් අර්බුදයෙන් මිදින්න නොවේ.
ජනාධිපතිගේ සම්පූර්ණ ක්‍රියාපටිපාටියම හැමෝටම කරදරයක් වෙලා...
පන්සල් වත්තේ තාප්පෙන් එලියෙ සිද්ද වෙන්නෙ මොකක්ද කියල දෑනුමක් නෑ වගේ.
අපිට නම් පුදුම සතුටක් තියෙන්නේ... ඡන්දෙ එනකල් ඉන්නේ පෙන්නන්න...