
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනයකර අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා (26) දා උදෑසන ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී තිබේ. ඒ අතරතුරදී අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසවල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී තිබේ.
පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළේය. කලහකාරී හැසුරුණු එම පුද්ගලයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නත්තල් සැරටම ලබාලා වගේ... පිලියන්දල රටේ ජනාධිපති තුමා අපේ ජනාධිපති ව හම්බවෙන්න ඕන කිව්ව නම් ඉතිං රාජතාන්ත්‍රික වැඩකට වෙන්නැති.
ඒ මනුස්සය මහා මෝඩ මිනිහෙක්නේ. කඩුවක් අරගෙන ජනාධිපති මන්දිරයට ඇතුල් වෙන්න දෙන්නේ නෑ කියලා දන්නේ නැද්ද.
බෙල්ල කපා ගන්න දෙන්න තිබුනේ
ඒවා ඉස්සර හොඳේ .දැන් ආවොත් ගහලා පන්නනවා .දැන් සැපද