(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා ඇමැතිධූරයෙන් ඉවත්වන බව වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද(21) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එහෙත්, ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව මගින් තමාට එරෙහිව නගන චෝදනා අසත්‍ය බවද, ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැති කැබිනට් රැස්වීමේදී පවසා ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මෙය තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් බව සඳහන් කර තිබේ.
තමා හමුදාපතිවරයාට බලපෑමක් නොකළ බවත්, හමුදාපතිවරයාට ඇමතුමක් දුන්නේ සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරක් දැනගැනීමට බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.
තමා විශ්වාසභංගයට මුහුණදීමට භය නැති බව පවසා ඇති ඇමතිවරයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා පමණක් නොව තම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බලන්න කොච්චර හොද ඇමති කෙනෙක්ද.?
ඒ දෙන්න විතරද ඡන්දෙ දුන්නේ පාර්ලිමේන්තුවට යන්ඩ. ඔය කවුරුත් තනතුරුවලට පත් කලේ ජනතාව. ජනතාව කියන්නේ තමුන්ට විතරක් නෙවෙයි වැඩ බැරි ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවටම අස්වෙන්න කියලා.
බය වෙන්න එපා .. ඒගොල්ලෝ කවදාවත් කියන්නේ නෑ..
ඒ දෙන්න යන්න කියන්නේ නැතිනම් තව මාස කිහිපයක් ඉඳලා ඒදෙන්නත් එක්කලම යන්න පුලුවනිනේ.
ජනාධිපති කෙසේ වෙතත් අගමැති කියයි මෙන් කියලා. අයින් වුනත් ආපහු ඇමතිකමක් අරන් එයි. මතකනේ රවී.
කව්රුවත් කියන්න ඕන නෑ
ඔහොම කියපු තව කෙනෙක් හිටියා.. එයා තනතුර අත ඇරියේ නෑ.. අන්තිමේදී එයා අනිවාර්ය නිවාඩු ගියා.....
අතැඹුලක් සේ පැහැදිලියි නොව ඔය දෙන්නගෙන් කවුරුවත්. විතරක් නෙමි ඔය අනිත් කට්ටිය ලොකු තැන් වල හිටියත් කටක් ඇරලා මෙයාට යන්න කියන්නේ නැහැ යන්න කියල ප්‍රකට සහ පැහැදිලි හේතු හින්ද
මුස්ලිම් ජනතාව කිව්වොත් සාලි තනතුරෙන් පහකරනවා,
දැන් ආණ්ඩුවේ ලොක්කො දෙන්නා කියයි බබා ඔයා අයින් වෙන්න කියලා.
ඒ කියන්නෙ ජනපති සහ අගමැති ඇමති ධුරයෙන් අයින් වෙන්න කියන්නෙ නැහැ කියලා දන්නවා........
කියනවනම් මෙලහටත් කියලනේ.
මොකද ඒ අය කියනකං ඉන්නේ. හෘද සාක්ෂිය කියන්නෙ නැද්ද?
අද මුළු රටම් දන්නවා මෙයා අන්තවාදී මුස්ලිම් ත්රස්තවාදීන්ට යහමින් උදව් කල බව. කොහෙද... අපේ නායකයන්ට කොන්දක් ඇත්තෙම නැහැනේ.