
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් ගුවන්තොටුපොළ වෙත ළගා විය.
ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන් තොටුපොළට ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් පිළිගනු ලැබුවාය.
දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ.
නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.
“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති.
එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල පරිසර හානියක් කරලා පරිසරය රැක ගන්න නෙමෙයි මුන් යන්නෙ විවේක ගන්න . යනවා රටෙ දුප්පත් ජනතාවගේ සල්ලි වලින්
අනේ දෙවියනේ , මොහුට නැවත ලංකාවට නිරුප්‍රද්රිතව පැමිණීමට වරම් ලබා නොදෙනු මැනවි...!!!
යන්නම යනවානම් කොයි තරම් හොඳද.?.
ඔහුට වනාන්තර විනාශය ගැන දේශනා කළ හැකිය.
අපිට මොකද එයා මොන තූත්තු කුඩියකට ගියත්. රට විනාශ කරපු පවුලේ එක සාමාජිකයෙක්නේ...!
සිංහරාජෙ මැදින් පාරවල් කැපුව එක ගැන ඇහැව්වොත් මළා තමයි. කොහොම හරි මගහැරලා යන්න... බලන්න.
අපේ සිංහලයින් සූදානම්ද හූ කියන්න... එහෙමවත් විරෝධයක් පාන්න පුළුවන් පිටරටකදී පමණයි. ලංකාවේදී කළොත් ඉතින් පවුල් පිටින් වලපල්ලට යවයි.
අර ලේඩි මොකද මාස් එකක්වත් දාන්නේ නැතිව ... ඉවරයි ලංකාවේ නම එතැනින්ම කෑවා..
අපි සතොස හාල් පෝලිම වෙත ළඟා වෙමින් සිටිමු....
ලංකාවේ කියත් මගේ වැඩ ටිකත් කියලා දුන්නොත් නරකද?
එතන ගිහිල්ල කාබනික පම්පොරිිය දිග අරීවි. මොකුත් නොදන්නා ඔතන ඉන්න අනිත් අය අප්පුඩි ගහවි. ඒපාර ඒකෙන් චූන් වෙලා මෙහෙ ඇවිත් මේ මෝල් වැඩේ දිගටම කරවි. අපට තමයි බඩගින්නෙ ඉන්න වෙන්නෙ
ඒ එක්කම කොටි ඩයස්පොරාවත් ඒ පැත්තට ලඟාවෙලා කියලයි ආරංචි. ලොකු විරෝධතාවක් සුදානම්ලු. එහෙ ප්‍රවෘර්ති වල යන්නේ ඔය කතාව විතරයි.