IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව මෙහිදී අජේ බංගා මහතා අදහස් දැක්වූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.

ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වන විට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන අතර ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහාය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දිළිදුභාවය පිටුදැකීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති බවත්, සංචාරක කර්මාන්තය, නාවුක කර්මාන්තය, රාජ්‍ය ආයතන හා බලශක්ති ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම මගින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

එසේම, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධනය සහතික කිරීම, විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර මෙම ප්‍රදේශවල ඉහළ යන ශ්‍රම බලකායේ අවශ්‍යතාව සපුරාලීම සඳහා අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

2025 ජූලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20 හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරි ඇති බව මෙහිදී සඳහන් කළ ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැඟීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD), ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA), ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (MIGA) යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාල අතර සිදු වනු ඇති බවද සඳහන් කළේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 



අදහස් (4)

ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්

අමල් Thursday, 28 November 2024 05:47 PM

භාෂා පරිවර්තක ගමේ ගියවෙලාවේ ගං වතුරට අහුවෙලා, තාම ගෙදර ! හොඳ වෙලාවට පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතන්න ගිය වෙලාවේ මම කලින් පාවිච්චි කරපු හෙඩ්සෙට් එක ගලෝගෙන ආවේ...!

:       5       9

LalThursday, 28 November 2024 08:54 PM

මෝඩ චූන්...!

:       2       1

අමල් Saturday, 30 November 2024 02:49 AM

ලාල්ගේ මවගේ අදහස ඊට හාත්පසින්ම වෙනස්...!

:       0       1

Bandara Saturday, 30 November 2024 09:41 AM

හිනාවෙන්න එපා... ගැම්මට හෙඩ්ෆෝන් දාගෙන ඉන්නේ... පේනවනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site