
(අංජුල මහික වීරරත්න)
රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට බාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟා දීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බව ද ජනාධිපතිවරයා කීය.
වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.



COMMENTS
රට බාරගත් ඇත්තම හේතුව රටම දන්නවා. දූෂිත පවුල් පාලනේ රාජපක්ෂලා රකින්නනේ?
එහෙම නැතිව බල තණ්හාව චුට්ටක්වත් නැහැනේ...?
මෙතුමාට රට බාරදීමට හෝ ගැනීමට හෝ සිදුවූ එකම හේතුව ජනාධිපති ධුරය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමයි. ඒ මිසක් තමන්ට ධුරය දැරීමට ජනවරමක් නැති බව සිහි තබාගෙන කටයුතු කළොත් රටට යහපත්... ජනමතයකින් බලයලත් ජනපතිවරයෙකු පත්වන තෙක් හිටපු ජනපතිගේ නිල ධුරකාලය ගෙනයාම පමණයි ජනතාව මෙතුමාට බාරකළේ...
ඒක තමයි වසන්ත මුදලිගේ වැනි අය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් දමා අත්අඩංගුවට අරගෙන ජීවිත විනාශ කලේ. පට්ට ජනාධිපතිිවරයා...
ජනපති සිහිනය මෙයාගේ යටි හිතේ තිබුනු දෙයක්. පරණ පිනක් පෑදිලා පින් ජනපතියා උනා.
මෙයට ජනතාව කැමතිනම් ඡන්දෙන් පැරදෙන්නෙ නැනේ.
දේශපාලනයෙන් කුනුබාදියට දාපු මිනිහෙක් තරුණ තරුණියන් වෙනුවෙන් රට බාර ගත්තල වසන්ත මුදලිගෙ මහල්ලෙක්ද?
අනේ පවු... ගෙටත් ගිනි තියාගෙන ගත්තු පුටුවනේ ඉතින්... රට ගිනි තියන එකනේ කරන්නේ... ඔක්කොම ලොකු කතා රෝයල් එකේදී... පවු රෝයල් එකට යන ළමයි. මේවා හදන්නෙත් මෙයාගේ තාලෙට අන්තිමට...
ඔබතුමා කළ යුතුව තිබුණේ,විධායක බලය අතට ගත් වහාම,රට බංකොලොත් කළ සාටක පරපුරේ අයව හා ආර්ථික ඝාතකයන්ව අල්ලා,ඔවුන්ට දඬුවම් කොට, පැන්ඩෝරා මුදල් ඇතුළු හොරුන්ගේ දෙස් විදෙස් මුදල් හා අයුතු ලෙස ඉපැයූ දේපල හා මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කිරීම යි.අමාරුවෙන් හෝ ඔබතුමා එසේ කළේ නම්,එසේ කොට ඡන්දයක් තැබුවේ නම්,ඔබතුමා නිතරඟයෙන්ම රටේ රාජ්‍ය නායකයා වන්නේය.කුමක් හෝ අවාසනාවකට සිදු නොවූයේ ද එයයි.ඔබතුමා සාටකයන් ඇතුළු හොර නඩය අල්ලා ගැනීමට කටයුතු කළා නම්,රටේ මුදල් හා දේපළ යළි ලබා ගත්තා නම්,අපට පිටරටට ණය වීමට හෝ මේ අධික බදු බර හා අධික බඩු මිල වැඩිවීම දැරීමට සිදු නොවනු ඇත.අරගල කළ අය අතරේ ඔබ වීරයෙකු ලෙස පත්වීමට පවා ඉඩ තිබුණි.එහෙත්,සිදු නොවූයේ ද එයයි. අපේම අවාසනාව ....