(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) කොටුව පොලීසියට නියෝග කළේය.
මෙම මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොටුව පොලීසියට නියෝගක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකාපු සල්ලි මිසක් ඉතින්, වෙන මොනවාද? පැනලා යනකොට ඩොලර් මිටි ටික අරගෙන ගිහිල්ලා රුපියල් කොළ ටික දාලා යන්න ඇති...!
බැසිල් සල්ලි හංගගත්තේ... ගෝඨාභය ළඟ වෙන්නැති...
එතකොට අර අනිත් හොර බඩුබාහිර... බෙහෙත්, ඖෂධ සහ අනික් වටිනා දුර්ලභ දේවල්..?
ආ.. ඔය එන්නේ සර්... ඕක පොලිස් පොතේ ලියලා සර් ආයේ ගේමට බහින්න යන්නේ... එළ එළ නන්දේ. අනේ මෙහෙමත් රටක්...
ලෝකෙම දන්නවා රාජපක්ෂලා කියන්නේ මහා පරිමාණයේ හොර දූෂිතයින් කියලා? ආයේ මොනවා අහන්නද?
අහන්න දෙයක් නෑ. ඇත්තම කියයි. අනේද කියන්නේ..?
ඔය මුදල් කවුරුහරි පිටින් අරගෙන ආපුවා...
එතකොට මෙයා පිටරට පැනලා ඉන්නකොට ලක්ශ ගනන් හෝටල් ගාස්තු ගෙව්වෙ කොහොමද කියලත් නඩු අහන්න.
සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් හැඳින්වුයේ මෙයාද.?
මහාපරිමානයෙන් කෙරේන ඔනම මුදල් වංජාවකට ඹය පවුලේ එකේක් සමිබන්ද බව සහතිකයි.
අනේ. බොරු නොකර නිකන් ඉන්න. මේක ඇහුවා කියලා නඩු දානවද ? හිරේ දානවද ? දඩුවම් දෙනවද? සේරටම කලින් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන. රටෙ සැවොමට එක විදියට නිකම් කාලේ කන වැඩ. අපි හරි හොන්දයි කියලා පෙන්නනද. කාව අන්දන්නද මේ බොරු වැඩ.
මේ භද්‍රානි, චතුරි කියන්නේ ඉරිසියාවෙන්, කුහකකමින් ඉන්න දෙන්නෙක්... විශේෂයෙන් භද්‍රානි එලොවටත් නැති, මොලොවටත් නැති පිටරටවල ජීවත් වන අය ගැන විශාල වෛරයකින් පෙළෙන කෙනෙක්..
අල්ලසක් නම් ඔතන දාලා යනවද? නීතිඥයා මේ හදන්නේ අර ජනාධිපති මන්දිරයට පැන්න ජෙප්පන් ටික බේරාගන්න. මොන කෙසෙල් ගෙඩියකටද කෝටියක් සල්ලි සේප්පුවේ ඉතිරි කරලා ගියේ...? කෝටියක් සල්ලි ජනාධිපති ළඟ තිබීම මහ දෙයක්ද? අර කෙසෙල්වත්තෙන් ආපු නායකයා නම් සේප්පුවත් එක්කම අරගෙන ගිහිල්ලා...