IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජනපති මැද පෙරදිග සහාය ගන්න පෙබරවාරියේ යයි

(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.

බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තමා එම සංචාරයට යන බවද ජනාධිපතිවරයා කීය.

හෝමාගම පිටිපන පැවති මෙම ජන හමුව අමතමින් ජනපතිවරයා මෙසේද කීය.

ලංකා ඉතිහාසයේ සමහර ආණ්ඩු පරම්පරා අනුව හැදී තිබෙනවා.එමෙන්ම මැර කණ්ඩායම් යොදා මෙරට ආණ්ඩු ලබාගත් අවස්ථා තිබෙනවා.පාස්කු ප්‍රහාර වගේ කුමන්ත්‍රණ කර ආණ්ඩු ගත් අවස්ථා තිබෙනවා.එම පරීක්ෂණ හොඳට යනවා. බය වෙන්න එපා.

එමෙන්ම ලංකාවේ මාධ්‍ය වලින් එලෙස ප්‍රබල මතයක් හදන්නේ නැතිව, සල්ලි පොම්ප කරන්නේ නැතුව ලක් ඉතිහාසයේ හැඳුණු ආණ්ඩුව ජාතික ජන බලවේග රජයයි.

අපට ජාත්‍යන්තර සහාය නැතිව ඉදිරියට යන්න බෑ.මැද පෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීමේ අරමුණ එම සහාය ලබා ගැනීමයි.

 



අදහස් (2)

ජනපති මැද පෙරදිග සහාය ගන්න පෙබරවාරියේ යයි

Shelton Sunday, 26 January 2025 11:52 AM

ඇයි ඔබතුමාත් රාජපක්ෂවරුන්ට වගේම බටහිර රටවල් අරහංද? වෙන වෙන රටවල් වලට විතරක් කරක් ගහන්නේ...

:       33       1

Sediris Monday, 27 January 2025 06:31 AM

බටහිර රටවල් බලාගෙන ඉන්නේ මේ රට හිඟන්නො වගේ හැමදාම තියාගෙන ඉන්න. එතකොට එයාලට පුළුවන් මේ රටේ ඉන්න උගත් උන් තුට්‍ටු දෙකට වැඩ කරන්න ඒ රටවල් වලට ගෙන්න ගන්න. දැනටත් ඩොලර් බිලියන 5ක විතර ණයක් දුන්නොත් රටේ ආර්ථික අර්බුධය අවසන් කරන්න බටහිර රටවල් වලට පුලුවන්. ඒ වුනාට එයාල ඩොලර් මිලියන් 200- 300 ණය තමයි දෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site