IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති බංග්ලාදේශ නව අගමැතිට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

බංගලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

බංගලාදේශයේ නීතිය හා සාමය රැකීමට යුනූස් මහතාට හැකිවනු ඇතැයි තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

බංගලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් ආයෝජන කටයුතු සිදු කරන ලෙස තමා දැනුම් දෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණුවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම උපකාරයක්ම කරන බවද ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දී ඇත.

ශ්‍රී ලාංකික ජනපතිවරයාගේ සුබ පැතුමට ස්තුතිය පළ කර ඇති බංගලාදේශ අග්‍රාමාත්‍යවරයා අවස්ථාවක් ලද විගස බංගලාදේශයට පැමිණ රට යථාවත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ.



අදහස් (3)

ජනපති බංග්ලාදේශ නව අගමැතිට සුබ පතයි

යෝගා Wednesday, 14 August 2024 07:48 PM

ඡන්දෙ පැරදුනොත් අන්න ජොබ් එකක් තියෙනවා. යුනුස්ට ටියුෂන් දෙන්න

:       0       0

chandima Wednesday, 14 August 2024 09:35 PM

එහෙත් වැඩ බලන, මෙහෙත් වැඩ බලන... සුබ පැතුම්...!

:       0       1

Jayasekara Thursday, 15 August 2024 12:24 PM

කලින් එක්කෙනාගෙන් පැනලා යන විදියත් අහගත්තා නම් හොඳයි .මොකෝ ඒවත් දැනගන්න එපැයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site