
(අංජුල මහික වීරරත්න)
බංගලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
බංගලාදේශයේ නීතිය හා සාමය රැකීමට යුනූස් මහතාට හැකිවනු ඇතැයි තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
බංගලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් ආයෝජන කටයුතු සිදු කරන ලෙස තමා දැනුම් දෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණුවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම උපකාරයක්ම කරන බවද ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දී ඇත.
ශ්‍රී ලාංකික ජනපතිවරයාගේ සුබ පැතුමට ස්තුතිය පළ කර ඇති බංගලාදේශ අග්‍රාමාත්‍යවරයා අවස්ථාවක් ලද විගස බංගලාදේශයට පැමිණ රට යථාවත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ පැරදුනොත් අන්න ජොබ් එකක් තියෙනවා. යුනුස්ට ටියුෂන් දෙන්න
එහෙත් වැඩ බලන, මෙහෙත් වැඩ බලන... සුබ පැතුම්...!
කලින් එක්කෙනාගෙන් පැනලා යන විදියත් අහගත්තා නම් හොඳයි .මොකෝ ඒවත් දැනගන්න එපැයි