ශ්‍රී ලංකාවේ ඇති වී ඇති තත්ත්වය මර්දනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කර ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිමටද තීරණය කර ඇත.
පාස්කු ඉරිදා සිදුවූ සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.
මේ අතර කතෝලික දේවස්ථාන සඳහා ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට අපේ පතෝල මුදලාලි තිරුපතිද? කොහෙද ගියේ... දිව්‍යලෝකේ සහාය ගන්නද? නැත්නම් අපායේ සහාය ගන්නද?
කතෝලික දේවස්ථාන විතරක් නෙවෙයි, එළඹෙන වෙසක් උත්සව වෙනුවෙන් බෞද්ධ ස්ථාන වලත් ආරක්ෂාව සපයන්න ජනපතිතුමනි
මොකටද අමතර සහයක්. තීරණයක් අරන් හමුදාවට බලය දෙන්න. හමුදාව කරලා පෙන්නයි. ඊළාම් යුද්ධේ කලේ මුළු ජාත්‍යන්තරේම විරුද්ධ වෙද්දී කියල අමතක කරන්න එපා.
ජාත්‍යන්තරේ නෙමෙයි ද මේ බව කලින්ම අපේ බුද්ධි අංශයට දැනුම්දුන්නේ.
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වගේ. අසාර්ථක පාලනය තමයි මේ සේරම ප්‍රශ්න වලට මුල .
ඔබතුමන්ලා විසින් කරපු දේ ඔබතුමන්ලා දන්නවා නේද? ජාත්‍යන්තර සහය ඉල්ලන්නේ ඇයි?
ලෝකෙම තිබුණු භයානකම ත්රස්ත්රවාදී සංවිධානය වන එල්.ටී.ටී. ය පරාද කරපු දේශපාලන නායකයන් සහ හමුදාවක් ඉන්න රටක් බව අමතක වෙලා..
අවංකව අපේ හමුදාවන්ට වැඩේ බාර දෙන්න. පැය 48 න් වැඩේ කරලා පෙන්වයි. හැබැයි රජයේ ඉන්න ගැත්තන්ට කියන්න අපේ හමුදාව හිරේ දාන්න එපා කියලා.
රටට හමුදා පාලනයක. අවශ්‍යතාව තියෙන්නේ දැන්!
මේ රටේ ආරක්ෂක කවුන්සිලයට අගමැති නොකැඳවා විපක්ෂ මන්ත්‍රීන් කැඳවන්නේ ඇයි?
ආරක්ෂක අංශ පවා දැන් අගමැති කෙනෙක් ඉන්න අපේ රටේ ආරක්ෂාව ගැන කතා කිරීමට අගමැති යයි කියා ගන්නා කෙනාට අයිතියක් නැත. මොහු වහාම ඉල්ලා අස්විය යුතුයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි අංශ අනතුරු සඟවා තිබියදීත්, ආරක්ෂක කවුන්සලයේ ප්‍රධානියා හැටියට මෙතුමා නිසි පරිදි ක්‍රියා නොකළේ මන්ද යන්න රටට හෙළි කරන්නේ නම් මැනවි...
මොන සහයක්ද ඉල්ලන්නේ. හැබැයි ඇමරිකාව ප්රබාකරන්ව අල්ලා දෙන්නම් කියන සහයවත් අපි ගත්තේ නැහැ. එහෙම කල අපිට මේ ටික අල්ලන එක වැඩක්ද? ඒ කාලේ ත්රස්තයෝ මැඩලීම සම්බන්දව අපෙන් උප්දෙස් ගන්න ආවා. අද අපි ලෝකේ සහය ඉල්ලනවා. කොහොමද අපි ලබපු වෙනස?
කොහෙද දන්නේ නෑ නේද අර මානව අයිතිවාසිකම් අප්පුහාමිලා හාමිනේලා ටික. ඒ අයගේ ඇස් වැහිලාද දන්නේ නෑ මේ දවස්වල.
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න. දැන් සියල්ල හමාරයි. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරයෙක් ජනාධිපති වෙන්න තව ටික දවසයි තියෙන්නේ...