
(අංජුල මහික වීරරත්න)
චීන නිල සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එරට වේලාවෙන් පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා චීනයට ගිය අතර සිකුරාදා(17) දක්වා චීන සංචාරයේ නිරත වේ.
මෙහිදී අනුර දිසානායක මහතා චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.


2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති චීනයට ලඟා වෙයි
අරවින්ද මොනරවිල Tuesday, 14 January 2025 01:05 PM
චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් වීමටත් රටේ සංවර්ධනය උපාය මාර්ග සාර්ථක කර ගැනීමටත් එමගින් ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත් වීමටත් මෙම සංචාරය ඉවහල් වේවා...!
Banda Tuesday, 14 January 2025 01:19 PM
ටිකක් වැදගත් විදිහට අඳින්න.
Jamal Tuesday, 14 January 2025 02:45 PM
මේ සැරේ අශ්වයෝ ඔක්කොටෝම කළින්ම සුළුදිය පහකරන්න කියලා. නැතිනම් ඉන්දියාවේ වූ දේ චීනයේත් වෙයි.
සෙනෙවිරත්න Tuesday, 14 January 2025 04:40 PM
ජමාල් වගේ මන්ද මානසිකයින් තමයි රටේ හැමදේමටම පාලකයා වගකිය යුතුයි කියලා අඬාගෙන ඉන්නේ. අශ්වයා සුළුදිය පහකිරීම රටේ පාලකයා අනුව සිදුවෙන දෙයක් කියලා හිතන මෝඩයින් තමයි... මෙච්චර වැදගත් දෙයක් වුණත් මන්ද මානසිකයාට සුළුදිය තරම් වටින්නේ නැහැ...
karolis Tuesday, 14 January 2025 06:19 PM
මහා චේතිය චීනෙට...!
Jamal Wednesday, 15 January 2025 02:12 AM
සෙනවිරත්න ජෙබයියෝ. ඔය වගේ එම වීඩියෝ එක දාලා ආශ්‍රය එහෙම කළේ... සිංහයාට බයවෙලා කියලා කවි ලියලා තිබ්බේ. රටේ තියන කුණු හෝද හෝද අපිට ලොරි ටෝක් දෙන්න එපා අපුල්ලන්න.
Jamal Wednesday, 15 January 2025 02:17 AM
සෙනවිරත්න කියන ලෝන්ඩරියට මුල මැද අග මතක නැහැ. ඩිමෙන්ෂියාව. ඔය වගේ අපුල්ලන්නෝ තමා කවි ලියා තිබ්බේ සුළුදිය පිටවීම ගැන. හොඳට හෝදනවා නේද?"
Jamal Wednesday, 15 January 2025 03:57 AM
සෙනවිරත්න වහලෝ, සුළුදිය පහකරපු එකට කවි ලියුවේ මම නෙවේ. ඔයා වගේම රෙදි සෝදන මැෂින් තමා කවි ලියුවේ. ඒවා ඔක්කොම කරලා අපිට බයිලා කියන්න එන්න එපා