
(අංජුල මහික වීරරත්න)
චීන නිල සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එරට වේලාවෙන් පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා චීනයට ගිය අතර සිකුරාදා(17) දක්වා චීන සංචාරයේ නිරත වේ.
මෙහිදී අනුර දිසානායක මහතා චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් වීමටත් රටේ සංවර්ධනය උපාය මාර්ග සාර්ථක කර ගැනීමටත් එමගින් ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත් වීමටත් මෙම සංචාරය ඉවහල් වේවා...!
ටිකක් වැදගත් විදිහට අඳින්න.
මේ සැරේ අශ්වයෝ ඔක්කොටෝම කළින්ම සුළුදිය පහකරන්න කියලා. නැතිනම් ඉන්දියාවේ වූ දේ චීනයේත් වෙයි.
ජමාල් වගේ මන්ද මානසිකයින් තමයි රටේ හැමදේමටම පාලකයා වගකිය යුතුයි කියලා අඬාගෙන ඉන්නේ. අශ්වයා සුළුදිය පහකිරීම රටේ පාලකයා අනුව සිදුවෙන දෙයක් කියලා හිතන මෝඩයින් තමයි... මෙච්චර වැදගත් දෙයක් වුණත් මන්ද මානසිකයාට සුළුදිය තරම් වටින්නේ නැහැ...
මහා චේතිය චීනෙට...!
සෙනවිරත්න ජෙබයියෝ. ඔය වගේ එම වීඩියෝ එක දාලා ආශ්‍රය එහෙම කළේ... සිංහයාට බයවෙලා කියලා කවි ලියලා තිබ්බේ. රටේ තියන කුණු හෝද හෝද අපිට ලොරි ටෝක් දෙන්න එපා අපුල්ලන්න.
සෙනවිරත්න කියන ලෝන්ඩරියට මුල මැද අග මතක නැහැ. ඩිමෙන්ෂියාව. ඔය වගේ අපුල්ලන්නෝ තමා කවි ලියා තිබ්බේ සුළුදිය පිටවීම ගැන. හොඳට හෝදනවා නේද?"
සෙනවිරත්න වහලෝ, සුළුදිය පහකරපු එකට කවි ලියුවේ මම නෙවේ. ඔයා වගේම රෙදි සෝදන මැෂින් තමා කවි ලියුවේ. ඒවා ඔක්කොම කරලා අපිට බයිලා කියන්න එන්න එපා