(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.
චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළේය.
දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිටම පවතින බවය.
දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළේය. දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සංස්කෘතික හුවමාරුව, වෙළෙඳ හා දේශපාලන සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහත්වරු ඇතුළු චීනයේ රාජතාන්ත්‍රිකයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්
පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති චීන අගමැතිනි හමු වෙයි
karolis Thursday, 16 January 2025 06:20 PM
පෝට් සිටි හැදුවාම ලංකාව චීන කොලණියක් වෙනවා කියලා මම කට උල් කරලා කිව්වේ රටේ බත් කන මී හරක් ටික රවට්ටන්න මිසක් මැඩම්ලා, සර්ල එක්ක තරහට නොවේ. රැවටිච්ච මී හරක් එකා, දෙන්නා හිටපු තැන් වලට යන්න පටන් අරන් සමූපෙ ඡන්දෙත් පරාදයි මේ පාර. දැන් කොහොම හරි මාව ගොඩ දාලා දෙන්න මයේ අම්මා...!
Mahesh Friday, 17 January 2025 12:56 AM
ගැම්මක් කියලා කවි ලියපු කෙනා මුළු චීනටම වඩා කොටයි කියහංකෝ
Palith Friday, 17 January 2025 07:51 AM
කටවල් දෙකින් කතාකරන්නේ