
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද?ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්‍රතිපත්තියයි.මෙය අප එක රැයකින් කළ දෙයක් නොවේ. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-
මේ ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. ජනතාව විසින් සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා.අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කර තිබෙනවා මේ පණිවිඩය අප හරියට තේරුම් ගත යුතුයි.
කාලයක් තිස්සේ අපේ රටේ ආණ්ඩුකරණය දැඩි පිරිහීමට ලක්ව තිබුණා.ඒ මගින් බලය අනිසි ලෙස පාවිච්චි වුණා. දූෂණය වැඩි වුණා.එවැනි දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ජනතාව විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.එමෙන්ම අපේ රටේ ජනතාවක් මේ දේශපාලන ක්‍රමයෙන් ඉවත් වෙන්නට පටන් ගත්තා.
ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නොව බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතියයි යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කාලයක් කෙප්ප ඇද බෑවේ කොළ බලාගෙන නොවෙයිනෙ.
මාලිමා රජය සහ බොරුව යනු ගහට පොත්ත මෙන් එකට බැඳුනු ප්‍රපංචයකි. අගමැති මෙනෙවිය ද ඊට ගැලපේ. මක්නිසාද යත් ජනපතිතුමා මාලිමා වන්නට පෙර සිටම ඉහල පෙලේ කතා කාරයෙකි. වැඩවලින් කෙසේ වෙතත් කතාවෙන් නම් එතුමා බොහෝ ඉදිරියෙන් බව එතුමා කෘෂිකර්ම ඇමති කාලයේ පටන් අප අත් දැක ඇති දෙයකි. අගමැති මෙනෙවිය නම් එකල කොහි සිටියේ දැයි අප දන්නේ නැත.
ඉස්සර අපේ තාත්තාත් ඇමැතිවරයෙක්ගේ සහායක ලේකම් හින්දා දන්නවා, ලේකම් ලියන කොළය කටපාඩම් කරලා තමයි පාර්ලිමේන්තුවේ කියන්නේ හැබැයි ඒත් කොළය බලාගෙන කියන්නේ, මොකද තමන්වත් විශ්වාසය නෑ. එහෙම මිනිස්සු තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ.
1950 ගණන්වල ගාල්ල මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් විශාල ජන්ද සංඛ්‍යාවකින් තේරී පත්වී, බණ්ඩාරනායක මහතාගෙන් පසුව අගමැති ධූරයට පත්වූ විජයානන්ද දහනායක මහතා, කොළ කෑල්ලක් හො නොබලා, පාර්ලිමේන්තුවේදී නොනවත්වා පැය ගණනක් කළ දීර්ඝතම කථාව සමකිරීමට හො අභිබවා යෑමට තවම කිසිම ජගතෙක් පාර්ලිමේන්තුව තුළ ඉපිද නැහැ. මෙය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සුළුකොට දැක්වීමට නොවෙ...
කොලකෑල්ලක්වත් නැතිව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්කිරීමේ හැකියාව අගයකළ යුතුයි.
කොච්චර පොල් හාල් ගණන් ගියත් කමක් නැහැ අනේ .තනියම දොර අරගනන්වා නේ .හරිම සරලයිනේ .කඩේ ගිහින් වලලෙන උන් දැන් ඇවිත් කවිත් ලියයි
මෝඩ ජාතියක් කටපාඩමින් ඕක කියෙව්වා කියලා මොකද්ද රටට වෙන සෙතේ .ත්‍රිපිටකයත් කටපාඩමින් කියන්න පුළුවන් සංඝයා වහන්සේලා හිටියා .ඔය කටට එන දේවල් හැමෝටම කියන්න පුළුවන්