(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ගෙන ආ කල් තැබීමේ විවාදය අරඹමින් තිස්ස අත්තනායක මහතා මේ බව කීය.
2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් වන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව කී අත්තනායක මහතා එතුමා සුන්දර කතාවක් කිව්ව නමුත් මේ ප්‍රශ්න විසදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙන බව කීය.
ලංකාවේ දිළිඳුකම දෙගුණයකින් වැඩි වී ඇති බව ලෝක බැංකුව පුරෝකතනය කර ඇතැයි ද ජනගහනයෙන් සියයට තිස්තුනක් තුන්වේල කන්නෙ නැති බව ලෝක බැංකුව කියන බවද අත්තනායක මහතා සඳහන් කළේය.
ජන ගහනයෙන් සියයට 48 ක් ගන්නා කෑම ප්‍රමාණය අඩු කර තිබෙන බවද රටේ ණය ප්‍රමාණය වැඩි වී ඇතැයිද අත්තනායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ...බූරැවා ගෙනල්ල ආතල් බල බල ඉන්නව......
ඈ ඕයි ඔහෙලා බලයට ආවොත් කොහොමද කරන්නේ.? අපිට හොඳට කන්න බොන්න දීලද සුන්දර ලෝකෙට ගෙනියන්නේ. අපි වෙන ලොකෙකින් ආවේ නැහැ හලෝ. ඔහෙලා සියළුම දෙනා ගැන අපි දන්නවා.