IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපති - කැනේඩියා මහකොමසාරිස් අතර හමුවක්

(අංජුල මහික වීරරත්න)
 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණ.
 
සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන එරික් වොල්ෂ් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබ පැතීය.
 
කැනඩාව යනු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මෙන්ම, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනයේදී සහ සංහිඳියා ක්‍රියාවලියේදී කැනඩාව ලබා දුන් සහාය අගය කළ අතර, තවදුරටත් එම සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. 
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (3)

ජනපති - කැනේඩියා මහකොමසාරිස් අතර හමුවක්

Nishan Wednesday, 13 August 2025 09:04 AM

මෙයා හැමෝටම දෙසන බනේ තමයි දැන් තියෙන්නේ දූෂණයෙන් තොර ආණ්ඩුවක් කියන එක. ඒත් මුල් මාස 10 ට වෙන කිසිම ආන්ඩුවකින් මේ තරම් දූෂණ වංචා වෙලා නෑ.

:       6       2

පන්සිළු Wednesday, 13 August 2025 09:27 AM

කැනඩාව යනු කොටින් විශාල පිරිසක් වෙසෙන රටක් සේ වෙනස් විය යුතුයැයි මට සිතුනත් ඔවුන් හා කරට අතදාගෙන දේශපලෙනය කරන අයට එහෙම නොසිතේ.

:       6       2

Janitha Wednesday, 13 August 2025 04:29 PM

හරි යාළුයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site