
(අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කරන ලද්දේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාටත් ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකතයෙන් අමතමිනි.
පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ අගවිනිසුරුවරයාට තවදුරටත් දැනුම් දී තිබේ.
සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.
COMMENTS
මේ සැරේ ගෙදර යන්න වෙනවා
බොරු ෂෝ දානවා.
මොනවා සාකච්ඡා කරන්න ද? අධිකරණමය ගැටලු අධිකරණය මගින්ම විසඳා තීන්දුව ලබා දිය යුතුයි.
ඡන්දය මග හරින්න ගහන ගේමක් වගෙයි පේන්නේ,
මෙයාට තව දුරටත් මේ රට පාලනය කරන්න දුන්නොත් කොහොමට හිටියිද?
මෙයාට තව දුරටත් මේ රට පාලනය කරන්න දුන්නොත් කොහොමට හිටියිද නේද? මෙයා කෙසේ හෝ දේශබන්දුවම ගේන්න හදන්නේ ලොකු ගේමක් ගහන්න තමයි. අග්‍රවිනිශ්චයකාරතුමාට කියලා නීතිය ආපස්සට ගන්න තමයි මේ හදන්නේ. අග්‍රවිනිශ්චයකාරතුමාට එහෙම නීතිය ආපස්සට ගන්න පුළුවන්ද? අපි නම් හිතන්නේ නැහැ... එතුමා එහෙම කරයි කියලා...
ජේආර් පාරෙම යනව. එයා කලෙත් අධිකරණය එක්ක ගැටෙන එක. ගලුත් ගැහුව මතකද .
ශ්‍රේෂ්ටාධිකරණය තීන්දුවක් දී තිබෙනවිට අගවිනිසුරුවරයාට ඒ පිලිබඳ කතානායකවරයා සමඟ සාකච්චා කිරීම කොහෙන් ආපු ක්‍රමවේදයක්ද ?මෙයා රටේ නීතිය දන්නේ නැහැ
ගරු අධිකරණය යනු රටක ජනතාවට යුක්තිය පතා යා හැකි රටේ ඉහලම තැනයි.ශ්‍රේෂ්ටාධිකරණයෙන් දෙන තීන්දුව " අවසාන " තීන්දුවයි. ඊට අභියෝග කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. යමෙක් ඒ තීන්දුවට අභියෝග කරයිනම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම මානසික රෝගියෙකි. නාකි හපුයියා ආයෙත් වලිගෙ පාගාගෙන. ගරු ශ්‍ශ්‍රේෂ්ටාධිකරණය කලේ දේශබන්දුව විරුද්ධව ඇති පෙත්සම් විභාගයට ගන්න තීරණය කොට , නඩුව අවසාන වනතෙක් ඔහුට පොලිස්පති තනතුරේ සිටීම තහනම් කිරීමයි.එහිදී පොලිස්පතිව පත්කළ ආකාරය පිළිබඳව සඳහනක් වුනේ නැහැ. නමුත් මේ මොලේ අමාරුකාර හපුයියා කියන්නේ " පොලිස්පතිව පත්කළ ආකාරය ..පිලිබද කතාවක්. තමන් පරදින බව දන්නා මේ මහල්ලාත්, මේ චන්දයෙන් පසු තමන් බුක්ති විඳින සැපසම්පත් ,බලය ..අහිමිවෙලා බල්ලෙකුටත් අන්ත තැනකට වැටෙන බව දන්නා හොරු,මිනීමරුවෝ, පාතාල කප්පම් කාරයෝ..ඔක්කොමත් බයවෙලා , ඇඳුම්වල මුත්‍රා පහවී දඟලනවා..
සහාය දෙන්න ඕන තමයි. ඒකට තමයි ඔය තනතුර තියෙන්නේ. මෙයා හරියට කතා කරන්නේ රටේ අයිතිකාරයා වගේ. වයසට යනකොට සමහර අයට පිස්සු වගේ හැදෙනවා.
පට්ටපල් බොරු මවා පෙන්වන නිසා කුමක් කීවත් ඒවා ජනතාව ගණන් නොගනී. උදාහරණ: අරගලයේ අයට සියලු පහසුකම් දෙනවා කියලා දිගට හරහට නෙළුවා. අගමැති කාලේදී විවිධාකාර දේවල් කිව්වා. අන්තිමට ඒවා පුස්සක්
ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පීළිබද නඩු විභාගකිරීමේ සම්පූර්ණ බලය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබියදී. ජනාධිපතිවරයා එම කටයුතු වලට මැදිහත්වන්නේ ඇයි? නඩු තීන්දු වලට යටත් විය යුත්තේ සාමාන්‍ය ජනතාව විතරක් ද? රනිල් රටට ලබාදෙන ආදර්ශය ඉතාම ශෝචනියයි.