
(අංජුල මහික වීරරත්න සහ ටි.කේ.ජි.කපිල)
ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ප්‍රධාන රාජතාන්ත්‍රික හමු හයක් පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය මෙයයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම Sri Lankan Airlines Flight UL 195 යානයෙන් අද පස්වරු 5.30 ට ඉන්දියාවට ළඟා වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයෙහි නිරත වන්නේ ඉන්දීය ජනාධිපතිනී රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මියගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වි පාර්ශ්විකව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජදීප් දන්කාර්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී.නන්ද, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවොල් මහත්වරු ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද සහභාගී වෙයි.
ඉන්දීය සංචාරයේ අවසන් දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිතයි.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක්වෙති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 17 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන් බුදු සරණයි...!
ෂුවර්නේ මහාචාර්ය...
ජය මංගල ගාථා නොකීවාට කට පුරා මනමාල හිනාව දාලා සුර ළඳුන් මග දෙපස තියාගෙන පිළිගන්නවා...
අතීතයට සමානයි. දහස් ගණනක් පිටුපසින් යනවා. මුට්ටිය අල්ලා ගැනීමට