IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති ඉන්දියාවේදී ප්‍රධාන රාජතාන්ත්‍රික හමු හයක

(අංජුල මහික වීරරත්න සහ ටි.කේ.ජි.කපිල)

ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ප්‍රධාන රාජතාන්ත්‍රික හමු හයක් පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය මෙයයි.

ජනාධිපති අනුර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම Sri Lankan Airlines Flight UL 195 යානයෙන් අද පස්වරු 5.30 ට ඉන්දියාවට ළඟා වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයෙහි නිරත වන්නේ ඉන්දීය ජනාධිපතිනී රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මියගේ ආරාධනයකට අනුවයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වි පාර්ශ්විකව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජදීප් දන්කාර්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී.නන්ද, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවොල් මහත්වරු ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද සහභාගී වෙයි.

ඉන්දීය සංචාරයේ අවසන් දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක්වෙති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 17 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.



අදහස් (4)

ජනපති ඉන්දියාවේදී ප්‍රධාන රාජතාන්ත්‍රික හමු හයක

Anu viraj Sunday, 15 December 2024 04:34 PM

සුබ ගමන් බුදු සරණයි...!

:       1       55

Manjula Sunday, 15 December 2024 07:08 PM

ෂුවර්නේ මහාචාර්ය...

:       16       3

හීනමානයක් නෙමෙයි මේක නිහතමානයක් Sunday, 15 December 2024 07:14 PM

ජය මංගල ගාථා නොකීවාට කට පුරා මනමාල හිනාව දාලා සුර ළඳුන් මග දෙපස තියාගෙන පිළිගන්නවා...

:       17       6

ඇල්බට් Monday, 16 December 2024 01:06 AM

අතීතයට සමානයි. දහස් ගණනක් පිටුපසින් යනවා. මුට්ටිය අල්ලා ගැනීමට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site