
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය.
‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව හෙට (4) සහ අනිද්දා (5) දෙදින තුළ අබුඩාබිහිදී පැවැත්වෙ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.
ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ සහ ගැටලුවලට අදාළ කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බරයි... දොඹෙන් ඇට්ටි හැලෙන්න දෙයි...
මේ කරදරෙන් ගැලවිලා එතැනින්ම පුතාලගේ ගෙදරට ගියානම් ඉවරයිනේ...
යන්තම් දවස් දෙකක්... කනක් ඇහිලා ඉන්න පුළුවන් නේද ජනාධිපතිතුමා...?
ඒ දවස්වල වගේ ඔය පාරෙන්ම ඇමරිකාවට පැනගත්තා නම්.. ඔබත් දිනුම්.. රටත් දිනුම්...!
මොනවා ගැන කතාකරන්න දැනීමක්ද තියෙන්නේ?
ඕකටම පනීද?
ආපහු එන්න එපා . ඔහොමම තොලොංචි වෙන්න.... මෙන්න වැන්දා...