(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කලාපීය වශයෙන් යුදමය තත්ත්වයක් ඇතිවීම අපේ රටටත් බලපානවා.මේ සඳහා සාකච්ඡාමය විසඳුමකට යා යුතු බව රජයේ ස්ථාවරයයි යනුවෙන්ද විජිත හේරත් මහතා කීය.